සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

අන්තරයේ සිහින සැබෑ වේ..

wishwa warnapalaඋසස් අධ්‍යපන ඇමති‍ ලෙස මෙතෙක් කටයුතු කළ විශ්වා වර්ණපාල මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට සූදානමින් සිටියේය. විශ්වා වර්ණපාල ඉවත් කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැඩිව රජයට බලපෑම් කර තිබුණි. ඒ වෙනුවෙන් ඔවුන් විරෝධතා පව පවත්වා ඇත. එහෙත් මෙවර ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වී ඇත. ඒ මෙවර අද ප්‍රකාශිත ජාතික ලැයිස්තු නාම ලේඛනයට විශ්වා වර්ණපාලගේ නම ඇතුළත් වී නොතිබීමයි. ඒ අනුව විශ්වා වර්ණපාලගේ ද පාර්ලිමේන්තු සිහිනය බොදවී ගොස් ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕමල්පේ එළියට මේධානන්ද මැති සභයට..

ellawala medananda7වන පාර්ලිමේන්තුවට ජාතික හෙළ උරුමයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඕමල්පේ සෝභිත හිමියන්ට ලබා දෙන බවට රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි. මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බලාපොරොත්තු නොවූ පිරිසකට හිමි වීම නිසා දෝ ඕමල්පේ සෝභිත හිමියන් ද එම ලැයිස්තුවෙන් එළියට විසි වී තිබේ. ඒ වෙනුවට එම ස්ථානය හිමි වී ඇත්තේ පුරා විද්‍යා චක්‍රවර්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියන්ටය. එල්ලාවල මේධානන්ද හිමියන් ජාතික ලැයිස්තුවට ඇතුළත් වී නොතිබුණ ද පසුව ඇතුළත් ‍කළේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රශ්නාර්ථයකි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජා.නි.පෙ අභ්‍යන්තර අර්බුදයක..

vimal-weeravansaජාතික නිදහස් පෙරමුණෙන් ජාතික ලැයිස්තුව සදහා නම් කර තිබුණේ අචල සුරංග ජාගොඩ හා මුසම්මිල් යන දෙදෙනායි. එහෙත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරය හිමි වූයේ අචල සුරංග ජාගොඩට පමණි. ඒ අනුව පක්ෂයේ විශාල වැඩ කොටසක් කළ මුසම්මිල් පක්ෂ නායකත්වය සමග දැඩි අමනාපයෙන් කටයුතු කරන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ පිළිබදව විමල් වීරවංශ සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව මුසම්මිල් පවසා ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජමු හා ‍අනුරුද්ධ රත්වත්තේ ඉවතට..

vjm and anuruddhaචන්ද්‍රිකා ජනාධිපතිනි කාලයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යව‍රයෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමා‍ජිකයෙක් වන අනුරුද්ධ රතවත්තේ මෙවර එජනිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි. එහෙත් අවසාන මොහොතේ ඔහුගේ නම ජාතික ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එජනිස නායකත්වය පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජොන්ස්ටන් හා සමිතා රිය අනතුරක..

joni and samithaකුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙරේදා රාත්‍රී නුගේගොඩදී රිය අනතුරකට ලක් වී ඇත. එම සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රසිද්ධ ගායිකා සමිතා මුදුන්කොටුවද රථය තුළ සිට ඇත. රිය අනතුරෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සුළු තුවාල ලබා ඇති අතර ප්‍රසිද්ධ ගායිකා සමිතා මුදුන්කොටුව බරපතල තුවාල ලබා ඇපලෝ රෝහලට ඇතුළත් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මනෝ කන්ද උඩරටින් එළියට..

ManoGanesan24පසුගිය කාලයේ එජාපය සමග එකතු වී දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ බස්නාහිර පළාතේ ජනතා විමුක්ති පෙරමුණේ මනෝ ගනේෂන් 7 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වී ඇත. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය. මනෝ ගනේෂන් පසුගිය මස එජාප නායකත්වය සමගද සුලු ආරවුලක් ඇති කර ගත් අයෙකි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවලපිටියේ හා කුඹුරුපිට්ටි ඡන්දය..

nawalapitiya electionනාවලපිටියේ හා කුඹුරුපිට්ටි යන ඡන්ද බල ප්‍රදේශයන්හි නැවත ඡන්දය පවත්වා අවසන් වී ඇත. සමස්ථයක් ලෙස ගත් කළ ඒ ආසන දෙකේම සාමකාමීව මැතිවරණය පැවැත්වුණු බව නිරීක්ෂකයන් පවසයි. නාවලපිටියේ 60% ඡන්දය ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලය කුඹුරුපිට්ටි ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කළේ 45%ක පමණ ප්‍රතිශතයකි. මෙවරත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළහොත් ඡන්දය ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් පැවසූ නිසා කිසිදු අපේක්ෂකයෙක් මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා සදහා යොමු වී නොතිබුණි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන පාර්ශවය ප්‍රතිසංවිධානයකට සූදානම්..

mangala_samaraweera copyමෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රීලනිප ම පාර්ශවයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කර ඇත. එහිදී තීරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන ගමන් තම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද ඉදිරියට කර ගෙන යා යුතු බවය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පක්ෂයේ ප්‍රභලයින් රැසක් පක්ෂයට අහිමි විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවලපිටිය සාමකාමියි..

election nawalapitiyaපසුගිය 8 වෙනිදා පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිදුවූ අක්‍රමිකතා නිසා ඡන්දය ශූන්‍ය කරන ලදී. එසේ ශූන්‍ය කරන ලද ඡන්දය අද ඉතා සාමකාමී ලෙස මේ වන විට පවත්වමින් ඇත. මෙවර නාවලපිටියේ ආරක්ෂාවට පොලිසිය සමග විශේෂ කාර්ය බලකායේ හා හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇත. මධ්‍යහන 12 පමණ වන විට නාවලපිටියේ 35%ක පමණ ඡන්ද ප්‍රමාණයක් මේ වන විට ප්‍රකාශ කර ඇත. නමුත් වතු කම්කරුවන්ගෙන් 12%ක තරම් අඩු ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇත. මේ අනුව පෙනී යන්නේ මනාප පොරය නිසා ජනතාවට පවා ඡන්දය එපා වී ඇති බවය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

7 වෙනි පාර්ලිමේන්තුවේ අගමැති කන්ද උඩරටින්..

dm jayarathna7වෙනි පාර්ලිමේන්තුව ලබන 22වනදා රැස් වීමට නියමිතව ඇත. එහිදී නවක අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දවුරුම් දීමට නියමිතය. මේ අතර 7 වන පාර්ලිමේන්තුවේ කථානායක වන්නේ චමල් රාජපක්ෂය. ඊට අමතරව ජනාධිපති මෙවර පාර්ලිමේන්තුවේ අගමැති ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කෙනෙක් වන දී.මූ ජයරත්න  පත් කිරීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව එතුමා අගමැති ධූරයේ ‍ලබන නොවැම්බර් 19 වෙනි දින දක්වා එම ධූරයේ කටයුතු කරනු ඇත. ලබන නොවැම්බර් 19 ජනපතිගේ දෙවන ධූර කාලය පටන් ගන්නා දිනය වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්062 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්069  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්060  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්061  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්062  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්063  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්064 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට