සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

‘වර්ගීකරණය නොකළ’ Articles

18 වන ව්‍යවස්ථාවට විරුද්ධව නීතිඥයොත් වීදි බසිති..

lowersඅද අලුත් කඩේ උසාවිය අසළ නිතිඥයින් විසින් 18 වන ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධව උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම අවස්ථාවේ ඔවුන් විසින් මිනී පෙට්ටියක් පුළුස්සා එයට විරෝධය පල කරන ලදී.

ඡායාරූප – සුනිමල් රත්නායක

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජවිපෙ උද්ඝෝෂණයට බාධා – රජය බෝම්බ භියක් පතුරවයි

stop18 වන ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධව අද ජවිපෙ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමින් සිටී. එහෙත් එම උද්ඝෝෂණයට අනුරාධපුරයේ සහ පොලොන්නරුවේ සිට පැමිණෙන බස් නවත්වා එම බස් රථවල  බෝම්බ ඇති බව පවසා පරීක්ෂා කරන බව ජවිපෙ ආරංචිමාර්ග අනාවරණය කරයි. රජයේ මෙම ක්‍රියාව අද පැවැත්වෙන උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට බව ජවිපෙ පවසයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථා සංශෝදනයට තුනෙන් දෙකක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය

courtයෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝදනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම ව්‍යවස්ථා සංශෝදනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව බස්නාහිර පළාත් විපක්ෂ මන්ත්‍රීවරු පාරට බසිති..

එජාප පළාත් සභා මන්ත්‍රීවරුයෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව එජාප පළාත් සභා මන්ත්‍රීවරු අද බත්තරමුල්ල පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරන ලදී. එම අවස්ථාවට එජාප පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී විය.

ඡායාරූප – නිරෝෂන් ගුණපාල

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

TNA දෙ‍දරයි..

tnaදෙමළ ජාතික සංධානය පසුගියදා යෝජිත ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධත්වය පල කළද එහි දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එන්.පී පියසේන ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය ලබා දෙන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව විසින් ජෝන් අමරතුංග බිලි බා ගැනීමට සූදානමක..

john amarathungaගම්පහ දිස්ත්‍රික් එජාප පා.ම ජෝන් අමරතුංග බිලි බා ගැනීමට අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩි විස්තර ලැබුණ වහාම ඔබ වෙත ගෙන ඒමට එක්ස්ප්‍රස් පුවත් සූදානම්.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ තවත් මන්ත්‍රීවරයෙක් ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය දීමට තීරණය කරයි..

nilwalaකොළඹ පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් එජාප ‍පා.ම දොඩම්ගස්ලන්ද සංවිධායක නිහාල් ‍විජේසිංහ නොහොත් නිල්වලා විජේසිංහ පවසා සිටියේ යෝජිත 18 ව්‍යවස්ථා සංශෝදනයට එජාපයේ සිටිමින් පක්ෂව ඡන්දය ලබා දෙන බවයි.

ඡායාරූප – නුවන් චාමර

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මනූෂගේ පෞද්ගලික ප්‍රශ්න විසදගන්න රජයට එකතු වුණා – එජාප සංවිධායකවරුන්

unp organizersඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දකුණු පළාතේ එජාප සංවිධායකවරුන් පවසා සිටියේ මනූෂ නානායක්කාර සිය පෞද්ගලික ප්‍රශ්න විසද ගැනීමට රජය සමග එක්වූ බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදාදා කළු දිනයක් කරලා ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධව දැඩි උද්ඝෝෂණ කරනවා – 18 ව්‍යවස්ථා සංශෝදනයට එරෙහි ව්‍යාපාරය

18 ව්‍යවස්ථ සංශෝදනයට එරෙහි ව්‍යාපාරයඊයේ පස්වරුවේ කොළඹ දේශපාලන පීඨ ශ්‍රවණාගාරයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ‍18 වන ව්‍යවස්ථා සංශෝදනයට එරෙහි ව්‍යාපාරය පවසා සිටියේව්‍යවස්ථාව සම්මත කරන බදාදා දිනය කළු දිනයක් ලෙස නම් කර මෙයට විරුද්ධව දැඩි උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට එළඹෙන බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිය මන්ත්‍රී කණ්ඩායමවත් රැක ගන්න එජාපයට බෑ – විජිත හේරත්

vijitha herathගාල්ල උද්ඝෝෂනය සම්බන්ධව පැවති නඩු විභාගයට සහභාගී වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  පා.ම විජිත හේරත් පවසා සිටියේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබද පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තම මන්ත්‍රී කණ්ඩායම රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී ඇති බවය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්175  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්124  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්127  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්128 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට