සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

රනිල් රාජ්‍ය සේවකයින් හමුවෙයි..

governmentඅද කොළඹ කේම්බ්‍රිජ් ටෙරස්හි රාජ්‍ය සේවකයින් හමුවූ එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා සිටයේ රාජ්‍ය සේවකයින් ලෙස විශ්‍රාම වැටුපකට හිමකම් කීමට අයිතියක් තිබිය යුතු බවය. සරත් ෆොන්සේකාට ලබා දුන් දඩුවම ජනතාවට හා හමුදාවට ලබා දුන් දඩුවමක් බව පවසන රනිල් වික්‍රමසිංහ රජය මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක නොකරන්නේ සරත් ෆොන්සේකා නිසා බව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා ටයිල් සේවකයන්ගේ වැඩ වර්ජනය ජයග්‍රාහී ලෙස අවසන් වේ..

lanka tileලංකා ටයිල් ආයතනයේ සේවකයින් විසින් දින 19ක් පුරා පවත්වාගෙන ගිය වැඩවර්ජනය ජයග‍්‍රාහීව අවසන් කිරීමට හැකි වූ බව අන්තර් සමාගම් සේවක සංගමය එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා කරයි. ඒ අනුව ඊයේ උදෑසන සිට සියළුම සේවකයින් සේවයට වාර්තා කිරීමට එකඟ වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව අපි ජනතාව සමග පාරට බහිනවා – එජාපය

unp working committeeඊයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එජාපය පවසුවේ යෝජිත 18වන ව්‍යවස්ථා සංශෝදනයට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තදින් විරුද්ධ බවයි. මෙම ව්‍යවස්ථා සංශෝදනය ජනපතිගේ විධායක බලය තවත් වැඩි කරන එකක් බව එජාපය පවසයි. ඒ නිසා ඉදිරියේදී ජනතාව සමග පාරට බැස දැඩි විරෝධයක් පල කරන බව එජාපය අවධාරණය කරයි.

ඡායාරූප – නුවන් චාමර

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාතාල ඕල්කට් වෙඩි පහරකින් මරුට..

shootingප්‍රභල පාතාල නායකයෙකු වන ඕල්කට් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකුගේ වෙඩි පහරින් මිය ගොස් ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන් රැගෙන එන් අවස්ථාවේදී විශේෂ කාර්ය බලකා සමාජිකයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්දිව බී ටී අයි එයි.. ඩෙංගු මදුරුවා යයි ?

btiමෙරට නිෂ්පාදිත බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු මර්දන කටයුතු සදහා යොදා ගැනීම අදින් ආරම්භ වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ මෙහි නියාමන ව්‍යපෘතිය අද පෑලියගොඩදී ආරම්භ කරන බවයි.


Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සියලු අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කරනවා – බැසිල් රාජපක්ෂ

basil rajapakshaරටේ සියලූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන බව ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.  අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් විවිධ ගැටලූ මතු වී ඇති බවයි.  ජල ගැලීම් මෙන්ම වෙනත් පාරිසරික ප‍්‍රශ්නවලට ද අනවසර ඉදිකිරීම් හේතු වී ඇති බව අනාවරණ වී ඇති බව ඊයේ ගම්පහ පැවති සාකච්ඡාවක් අමතමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කර ඇත.  ඔහු සඳහන් කරන්නේ කුමන බලවතෙකුට අයත් වුව ද මෙම ඉදිකිරිම් ඉවත් කිරීමට නිලධාරින් නොබියව ඉදිරිපත් විය යුතු බවයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව ජවිපෙ උසාවියට..

JVP logoව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දේශපාලන පක්ෂ අතර මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති වී ඇත.  නව ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව ජවිපෙ ජනතාව සමග එක්ව විශාල විරෝධතාවයක් කිරීමට සූදානම් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.  එම ජනතා විරෝධතාවයට අමතරව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කිරීමට ජවිපෙ තීරණය කර ඇත .   Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂයේ ඉදගෙන ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය දෙනවා – රවුෆ් හකීම්

rauf hakeenඊයේ පස්වරුවේ එජාප නායක කාර්යාලයේදී පක්ෂ නායකයින් රැස් වූ අවස්ථාවේදී මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් පවසා ඇත්තේ තමා විපක්ෂයේ සිටම යෝජිත නව ව්‍යවස්ථා සංශෝදනයට සහයෝගය ලබා දෙන බවය. ඔහු පවසා ඇත්තේ මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ සකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුටුගැමුණු යුද්ධය ජයගනී..

rajathumaපසුගියදා කැළණිය ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියෙක් ගස් බැදීමේ සිද්ධියට නි.අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වනු ලැබීය. එහිදී මර්වින් සිල්වා නිර්දෝෂී බව ඔප්පු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු පවසා ඇත්තේ මර්වින් සිල්වා සිදු කළ එම ක්‍රියාව ඩෙංගු මර්දන ක්‍රියාවලිය දිරිමත් කිරීම සදහා කළ රගපෑමක් බවය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුසන්තගේ ඝාතනය සම්බන්ධව අන්තරයෙන් සාක්ෂි විමසයි..

udulaරුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොමිසමක් පත් කරන ලදී. අද එම කොමිසම ඉදිරියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සාක්ෂි දීමට නියමිතය. එහිදී අන්තරයේ කැදවුම්කරු විසින්  සියලුම විශ්ව විද්‍යාල වල සිසුන් විසින් අත්සන් කරන ලද පෙත්සමක්ද කොමිසම වෙත භාර දීමට නියමිත බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්456 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්502  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්454  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්455  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්456  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්457  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්458 » ...  Last » 

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට