සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘වර්ගීකරණය නොකළ’ Articles

ජනපති හා රනිල් අතර විශේෂ හමුවක්..

rani and praඅද උදෑසන 1000ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. මෙම සාකච්ඡාව හදිසියේ කැදවූ එකකි. මෙම සාකච්ඡාව පවත්වන්නේ කුමක් සදහාද යන්න තවමත් මාධ්‍යට හෙලි දරව් කර නොමැත. මේ හේතුව නිසා සියලු මාධ්‍යයන් මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන යුධ අධිකරණය අද..

gen sfජනරාල් සරත් ෆොන්සේකා අද දෙවන යුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  ඒ සඳහා දෙවන යුද අධිකරණය අද පස්වරු දෙකයි තිහට කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී රැස් වීමට නියමිතව ඇත.  යුද හමුදාපතිව සිටියදී හමුදා මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවන් කිහිපයක් පිළිබඳ චෝදනා දෙවන යුද අධිකරණය හමුවේ ජනරාල් සරත් ෆොන්සේකා‍‍ට එරෙහිව ඉදිරිපත් වී ඇත.   Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනෝමාට කොටුව පොලිසියට එන්න කියයි..

4377783751_fefa633b4ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිද අනෝමා ෆොන්සේකාට උදෑසන කොටුව පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ කටඋත්තරයක් ලබා ගැනීම සදහායි. ජෙනරාල් තවමත් හමුදා අත්අඩංගුවේ සිටී. ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා තවමත් යුධ අධිකරණයේ විභාගයට ගනිමින් සිටී. මෙවර මහ මැති‍වරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වූ ජෙනරල් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

CID සී සී කඩ..

Untitled-1 copyසි අයි ඩී එක තුළ මේ වන විට සිටින සියලුම සහකාර පොලිස් අධිකාරීවරැන් ඇතුළුව ‍නියෝජ්‍ය පොලිස්පති දක්වා තනතුරැ වල නිලධාරීන්ට ස්ථාන මාරැවීම් ලබා දී ඇත. ඒ මෙවර මහ මැතිවරණයෙන් පසුවය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධව පරීක්ෂන කටයුතු කරගෙන යනු ලබන්නේද සී අයි ඩී ය මගිනි. නමුත් ඔවුන්ට මේ වන තෙක් හයිකෝප් ගනුදෙනුවට අදාල ධනුන අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නොමැත. කෙසේ වෙතත් ‍සී අයි ඩී නිලධාරීන්ට ලැබී ඇති මෙම ස්ථාන මාරැවීම් වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිට නියෝග ලැබී ඇති බව වාර්තා‍ වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෝගොල්ලාගමට තියෙන සැප ෆේරියල්ට නෑ..

ro and feමෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ‍හිටපු ‍විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම හා හිටපු නිවාස හා පොදු පහසුකම් ඇමතිනී ෆේරියල් අෂ්රොෆ් යන අය පාරාජයට පත් විය. නමුත් මේ වන විටත්‍ රෝහිත බෝගොල්ලාගම තම අමාත්‍ය නිලයේ බලතල භුක්ති විදිමින් සිටී. ඔහු  තවමත් වෙඩි‍ නොවදින වාහනයක් සහ තවත් වාහන 20කට වාඩා විදේශ කටයුතු අමාත්‍යංශයේ වියදමින් භාවිතා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයට නියෝජ්‍ය නායකවරු හතරදෙනෙක්..

Untitled-1 copy7වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එජාපය ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. ඒ අනුව මෙවර එජාප යේ නියෝජ්‍ය නායකත්වය සදහා 4දෙනෙකුගේ නම් යෝජනා වී ඇත. එනම් කරු ජයසූරිය, තිස්ස අත්තනායක,රවී කරුණානායක හා සජිත් ප්‍රේමදාසයි. මෙම තීරණයට අමතරව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය රවී කරුණානායකට ලබා දීමට පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙසේ යෝජනා වී ඇති 4දෙනාම පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සිරිකොත ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයයි..

Sagith_peremadasaඑක්සත් ජාතික පක්ෂය කඩිනම් ප‍්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාව එම පක්ෂයේම මන්තී‍්‍රවරුන් විසින් පෙන්වා දෙයි. ඔවුන් සඳහන් කරන්නේ එසේ නොවුණහොත් පක්ෂය තවදුරටත් ජනතාවගෙන් ඈත් වන බවයි. පක්ෂය ප‍්‍රතිසංවිධානය කළ යුතු බවට තමා කාලයක සිට හඩ නැගුවත් ඉන් ඵලක් නොවූ බව හම්බන්තොට දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප මහලේකම් ධූරයේ තුන්කොන් සටන..

tissa vajira and sagalaමෙවර මහමැතිවරණයෙන් එජාප ප්‍රභලයින් රැසක් පරාජයට පත් වි ඇත. ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ වජිර අබේවර්ධන ප්‍රධාන තැනක් ගනී. වජිර අබේවර්ධන පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙක් වීම එයට හේතුවයි. මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ සාගල රත්නායකද මෙවර පරාජයට පත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර ගම් දෙකක ගැටුමකින් 6ක් රෝහලේ..

මාතර – තිහගොඩ, වටගෙදර සහ නාඳුගල යන ගම්මානවල වැසියන් දෙපිරිසක් අතර ඊයේ රාතී‍්‍ර ගැටුමක් ඇති විය.නාඳුගල තොරණ මංසන්ධියේදි එම ගැටුම ඇති විය. කාලාන්තරයක් පැවැති ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බව ‍වාර්තා වේ.ගැටුමෙන් තුවාල ලැබූවන් හය දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු මූලික ප‍්‍රතිකාරවලින් පසු පිටව ගිය බව එම රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය. අනෙක් හතර දෙනා නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂන පවත්වන්නේ තිහගොඩ පොලීසියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.


Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප මහලේකම් ධූරය රනිල්ගේ හිතවතෙක්ට..

Sagala Gajendra Ratnayakaමහ මැතිවරණයේදී මාතරට තරග කර පරාජයට පත් වූ සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇත. දේශපාලන වාර්තා පවසන්නේ අවුරුදු සැමරුම් සඳහා දකුණු ලක සංචාරයකට එක්ව සිටින පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්692 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්697  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්690  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්691  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්692  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්693  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්694 » ...  Last » 

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට