එජාපයේ සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද…
එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් අද (29) දින සිය පක්ෂ මූලස්ථාන වලදි පැවැත්වෙයි. ඒ අනුව එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ සහ ඇතුල් කෝට්ටේ පිහිටි සමගි ජන මලවේගය පක්ෂ කාර්යාලයේදී සවස 0200ට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමද පැවැත්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා භාරදී තිබෙන සාමාජිකයින් 102 දෙනෙකුගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එහි සාමාජිකයකු සදහන් කලේය.