නිරෝධායන නීති කඩකළ 912 ක් පොලිස් දැලේ..
පසුගිය 26 වන දා සිට ඊයේ (29) රාත්‍රී 10.00 වන තෙක් කාලය තුළ පමණක් නිරෝධායන නීති කඩකරන ලද පුද්ගලයින් 912 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය පසුගිය 26 වන දා උදෑසන 4.00 සිට ලිහිල් කරන ලද අතර එහිදී නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඉහත පිරිස අත්අඩංගුවට ගත්බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.