සත්‍යයේ පුවත් අඩහැරය….

මහරගම නගර සභාවේ එ.ජා.ප මන්ත්‍රිවරු පිරිසක් සමගි ජන බලවේගයට…

Podu Jana Peramunaමහරගම නගර සභාවේ විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් අද (03) සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට සිය සහය පළ කිරීමට කටයුතු කරන ලදී.සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රිවරුන් පිරිස මේ බව සඳහන් කරන ලදී. ඒ අනුව මහරගම ආසනය නියෝජනය කරන මන්ත්‍රිවරු 11 දෙනාගෙන් 09 දෙනෙක් සහ කොට්ඨාස නායකයින් 25 දෙනාගෙන් 22 ක් මෙන්ම මහරගම ඡන්ද පොළ මධ්‍යස්ථාන 90 හිම නායකයින් මෙලෙස සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට කටයුතු කරන ලදී.

එහිදි අදහස් දක්වමින් මහරගම නගර සභාවේ විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා සඳහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව ඉදිිරි මහ මැතිවරණයේදි රටේ මහජනතාව ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි. එමෙන්ම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ  බිම් මට්ටමේ, ගම් මට්ටමේ සිටින මහජන නියෝජිතයින් මෙන්ම පාක්‍ෂිකයින් ආරක්‍ෂා කරගත යුතු වන නිසා හොරුන්, වංචාකාරයින්, දුෂිතයින් සහ ඩීල්කරුවන් නොමැති හෙට දවසක් මෙන්ම රටක් ඇති කර ගැනීම සඳහා සමගි ජන බලවේගය සමඟ කටයුතු කළ යුතුව ඇති බව ද එම මන්ත්‍රිවරුන් විසින් එහිදි වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට