සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරන අතර ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ 2020 ගෝලීය එන්නත් සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (04) රාතී‍්‍රයේ සහභාගිවෙමින්ය. ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන සියලූ  දිස්ත‍්‍රික්ක ආවරණවන පරිදි ක‍්‍රියාත්මක බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් එය මෙහෙයවන බවද මෙහිදී ප‍්‍රකාශ කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශී‍්‍ර ලංකාව විශ්වාසය තබා තිබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එන්නත් මිලදී ගැනීම ඇතුළු ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කරන ලදී. කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඇතැම් රටවල ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් මේ වන විට නතර වී තිබෙන බවයි ජනාධිපතිවරයා සිහිපත් කළේ. එලෙස නතර වී ඇති ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් නැවත ආරම්භ කිරීම ප‍්‍රමුඛතාවක් විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදී. ප‍්‍රතිශක්තිය කරන වැඩසටහන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් සහ යහ පුරුදු ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමටද ශී‍්‍ර ලංකාව සෑම විටම සූදානම් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන ලදි. ඉදිරි වසර 05 තුළ ලෝකයේ දිළිදුම රටවල් කිහිපයක මැලේරියාව, කොළරාව, සරම්ප සහ එච්. අයි. වී. වැනි බෝ වන රෝග මර්ධනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීම සඳහා අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් මෙම සමුළුව සංවිධාන කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට