සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දිවි හිමියෙන් කැපවනවා – හිටපු එ.ජා.ප පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන

Podu Jana Peramunaඑළඹෙන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවීමට පමණක් නොව මීළඟ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ සටනට ද දිවිහිමියෙන් කැපවන බව බුලත්සිංහල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා අවධාරණය කර සිටියි.ඊයේ (06) මතුගම පිහිටි ජගත් විතාන මහතාගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ජගත් පින්නගොඩ විතාන මහතා පහත පරිදි සිය අදහස් පළකළේය.

මාව මතුගම එජාප සංවිධායක වශයෙන් පත්කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒත් එතුමාගේ පාර්ශවය වෙනුවෙන් වැඩකරන්න මට බැහැ. බහුතර ජනතාවගේ වැඩි කැමැත්ත හා රටේ අවශ්‍යතාවය තේරුම් අරගෙන අපි නිතරම තෝරාගැනීම කළයුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මම සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරියෙන්ම හිටියා. ඒ අනුව මේ සටනේදීත් මගේ උපරිම දායකත්වය ලබාදෙනවා එතුමාට.

මට තියෙන්නෙ ප්‍රධාන අරමුණු තුනයි. පළවෙනි එක රාජපක්ෂ ආණ්ඩුව පැරදවීම. දෙවැන්න රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නඩය පරදා බහුතර ජනතාව ඉන්නේ කොයි පැත්තේද කියන දෙය සනාථ කිරීම. තෙවැන්න මමත්, කීර්ති කාරියවසම් පළාත් සභා මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවට ගොස් කළුතර ජනතාවට අවංකව සේවයක් කිරීම.

දේශපාලනයෙන් මුදල් හම්බ කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ. මන්ත්‍රීධූරවලට හිමි ගෙවල්, වාහන, වැටුප් මේ කිසිවක් මට අවශ්‍ය නෑ. ඒ සියල්ල මට ඇතිවෙන තරමට මේ වෙන කොටත් හම්බ කරලා අවසානයි. අපි අමරණීය මිනිස්සු නෙවෙයි. මම දන්නවා මමත් කවදා හරි මැරෙන්න ඉන්න මිනිහෙක් කියලා. ඒ නිසා යන තැනකටත් අපි මොනවාහරි කරගත යුතුයි.

අද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නඩය කරන්නේ රාජපක්ෂවරුන්ට සහයෝගය දැක්වීම. තම තමන්ගේ ගේ වැරදි සඟවා ගන්න කරන උත්සාහයක් ලෙසය මම එය දකින්නේ. එහෙත් එය සාර්ථක වන්නේ නෑ.

අද මේ අවස්ථාවටත් දොඩම්ගොඩ සහ මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නියෝජනය 99% ක් තිබෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳ පැහැදිලි වීමක් එයින්ම සනාථ වෙනවා. මම පසුගිය මැතිවරණවල දී මගේ පෞද්ගලික ධනය කෝටි ගණන් වියදම් කරා ජාතික සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීමට. එම කැපවීම කරන්න මා අදත් සූදානම්. මම මතුගම ඉපදුන මිනිහෙක්. මතුගම අදටත් ජීවත්වෙන මිනිහෙක්. ඒ නිසා මතුගම ජනතාව වෙනුවෙනුත් මට හැකි උපරිමය කරනවා.

මෙහිදී මතුගම නව එජාප සංවිධායක කීර්ති කාරියවසම් මහතා ද සිය අදහස් පළකරන ලදී.

මේ වනවිට රාජ්‍ය පරිපාලනය හමුදා කරණයට යටත්වී අවසන්. පසුගිය මාස හය තුළ දී එහි අසාර්ථකභාවය පෙන්නුම් කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හමුදා ප්‍රධානීන් පසුගිය දිනවල දී කරපු ප්‍රකාශයන් අද බොරු බවට පත්වී තිබෙනවා. රටේ සහල් ප්‍රශ්නය පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ සාකච්ඡාවලදී හමුදා නිලධාරීන් රටේ වී සහ සහල් සම්බන්ධයෙන් නිවැරදි දත්ත තමන් සතුව ඇති බව පැවසූවත් එම ප්‍රකාශයන් අද පුස්සක් වී තිබෙනවා. ජනතාවට සහන මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන රජයේ කතා කළත් අවසානයේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙකුගේ ගණන් හිලව් වලට අනුව කටයුතු කිරීමට සිදුවීම හාස්‍යයක්.

මෙම අවස්ථාව සඳහා මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලින්ටන් මද්දගේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රියන්ත ප්‍රියදර්ශන යන මහත්වරුන් ප්‍රමුඛ එජාප ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට