සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩීල් කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් ඉවත්කර සිරිකොත පිරිසිදු කළයුතුයි, අපේ සහය සජිත්ටයි – ජාතික සේවක සංගමය

Podu Jana Peramunaබලයට පැමිණි පසු සිය සේවකයින්ගේ වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකොට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික සේවක සංගමයට අනුබද්ධ වෘත්තිය සමිති නියෝජිතයින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයට සහය ලබාදෙන බව ද එම නියෝජිතයින් අවධාරණය කර ඇත. සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඊයේ (08) ඇතුල්කෝට්ටේ පිහිටි සමඟි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී ජාතික සේවක සංගමයට අනුබද්ධ වෘත්තිය සමිති නියෝජිතයින් විසින් මෙම අදහස් පළකර ඇත.

ජාතික සේවක සංගමයට අනුබද්ධ වෘත්තිය සමිති නියොජිතයින් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදි පැවැත්වූ සාකච්ඡාව අතරතුර ඇතිවූ අර්බුදකාරි තත්ත්වයෙන් පසු එම වෘත්තීය සමිති නියෝජිතයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඉහත හමුව පවත්වා තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික සේවක සංගමය නියෝජනය කරමින් ඛනිජ තෙල් සංස්ථාව, තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන රාශියක වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් සිය අදහස් පළකර තිබේ.

ඒ අනුව එම වාත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කර ඇත්තේ සිරිකොත පක්ෂ මුලස්ථානය තුළ සිටින ඩීල් දමන, කුමන්ත්‍රණකරුවන් ඉවත්කර එම ස්ථානය පිරිසිදු කිරීමට කටයුතු කළ යුතුව ඇති බවයි.

එමෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් සේවා සම්පුර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කළ අතර 2020.05.11 දින නැවත තැපැල් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව උපදෙස් ලබාදුන්න ද මේ වනවිට ලිපි විශාල ප්‍රමාණයක් බෙදාහැරීමට නොහැකිව පවතින බවත් මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාව වනවිට ඊට අදාළ ලිපි ද විශාල වශයෙන් තැපෑලට යොමුවන බැවින් ඉදිරියේදී ගැටළු රැසක් උද්ගතවනු ඇති බව ද මෙහිදී එම වෘත්තීය සමිති නියෝජිතයින් තවදුරටත් පවසා ඇත.

ජාතික සේවක සංගමයට හෝ ඊට අනුබද්ධ කිසිදු වෘත්තිය සමිතියකට මේ දක්වා කිසිදු සහනයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය හෝ වත්මන් ආණ්ඩුව කටයුතු කර නොමැති බවත් එම වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වෙත සිය කරුණු ඉදිරිපත්කරමින් පවසා ඇත. එමෙන්ම විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ සාමාජිකයින් විසින් දියත් කරන ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්තුතිය පළකරන බව ද ඔවුන් මෙහිදී පවසා ඇත.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ සියළුම වෘත්තිය සමිති නියෝජිතයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුජීව සේනසිංහ, අශෝක් අබේසිංහ යන මහත්වරුන් ද සහභාගිවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට