සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව ලීසිං ගැන සුරංගනා ලෝකයක් මවා දේශපාලන වාසි ලබාගැනීම නිසා වටිනා ජීවිතයක් අහිමි වුනා – සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ ලීසිං පහසුකම් ලබාගත් ජනතාවට ලීසං සහනයක් ලබාදෙන බව ආණ්ඩුව විසින් පැවසුව ද එම පණිවුඩය එම ලීසිං සමාගම් වෙත නිසි ලෙස සන්නිවේදනයවී නොමැති බවත්, දේශපාලන වාසි තකා ආණ්ඩුව ත්‍රිරෝද රථ රියදුරන්ට සුරංගනා ලෝකයක් මවා ඇති බවත් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පළකර ඇති අතර එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වා ඇත.

ආණ්ඩුවේ දේශපාලන වාසි ලබාගැනීමේ සංස්කෘතිය තුළ වටිනා ජීවිතයක් අහිමිව ගොස් තිබෙනවා. ලීසිං පහසුකම් නිසි පරිදි නොලැබී යාම සම්බන්ධයෙන් අදහස් පළකළ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ ජීවිතය පවා අහිමි වුනා.

පැහැර ගැනීම්, පහරදීම්, මුදල් සොරා ගැනීම් මෙන්ම විවිධ ඝාතන මේ වනවිට රට තුළ සිදුවෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ ජනසමාජයට ආරක්ෂාවක් පවතින්නේදැයි ආණ්ඩුවෙන් විමසා සිටිනවා. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැවැන්ත ගැටළුකාරී තත්ත්වයක් මතුවෙලා. ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු මේ ආකාරයට අමු අමුවේ ඝාතනය කළහැකි දැයි විමසා සිටිනවා.

මේ වනවිට ජනතාවට කිසිදු විරෝධතාවයක නිරතවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වෙලා. එවැනි විරෝධතාවයක් පැවැත්වුවහොත් එම පිරිසට පහරදී මර්දනය ක්‍රියාත්මක කරනවා. කාන්තා හිංසනයත් සිදුවන බව මනාව පෙනීගියා පසුගියදා පැවති විරෝධතාවයකදී. රෝහල් තුළින් මුදල් සොරාගැනීම මෙන්ම අවන්හල් වල දේපළ හානියට පත්කිරීම වැනි ක්‍රියාද සිදුවෙමින් පවතිනවා. ජන සමාජයේ ආරක්ෂාව අහිමිවී ඇති බව මේ අනුව පෙනීයනවා.

මෙරට ජන සමාජය තුළ ක්‍රියාත්මක වන මෙම අමුතුම මාදිලියේ භීෂණයට ඉඩදීමට අපට නොහැකියි. මංකොල්ලකරුවන්ගේත්, කුඩුකාරයින්ගේත් භීෂණයට මෙරට ජන සමාජය යටත් කරගැනීමට අවස්ථාව නොදිය යුතුයි. විශේෂ කාර්ය බලකාය යොදවා මෙම අවනීතිය, පැහැරගැනීම්, සොරාකෑම් ඇතුළු ඝාතන වළක්වාලීමට වහාම කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජන සමාජය තුළ මිනීමැරීමේ සංස්කෘතියක් බිහිවීමට ඉඩතැබිය නොහැකියි. සුනිල් ජයවර්ධන යනු ලක්ෂ සංඛ්‍යාත ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දැවැන්ත කාර්යයක් සිදුකළ අයෙක්. ඔහුට ජීවිතයත් අනෙකා වෙනුවෙන් පෙනීසටීමේ අයිතියත් අහිමිවුනා. රටේ නීතිය සුරක්ෂිත කිරීමට අවශ්‍යයි. කෑළෑ නීතියට ඉඩ නොතැබිය යුතුයි. සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතකයින් වහාම නීතිය හමුවට ගෙනැවිත් ඔවුනට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන්නැයි ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම රජයේ වගකීම වන බව අවධාරණය කරනවා. ආණ්ඩුව බලයට පත්වූයේ නීතිය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන්. ඒ නිසා  වගකීම් පැහැර නොහැර ජන සමාජය අතර සාමය, සහෝදරත්වය ක්‍රියාත්මක කිරීමට ගතයුතු ඉක්මන්, දැඩි පියවර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන යුගයක් ඇති කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට