සත්‍යයේ පුවත් අඩහැරය….

තැපෑලෙන් ඖෂධ බෙදා හැරිම නවතයි ..

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්වය පැවති සමයේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කිරිමට කටයුතු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බව වේ. මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු ද මේ වන විට සිදු කිරීමට අවශ්‍යව ඇති බැවින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා මතුව ඇති බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වාදි ඇත. කෙසේවෙතත් ඖෂධ බෙදාහැරිමේ කාර්යය ඉදිරියටත් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ හා පාරිභෝගික ජනතාව විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී නව ක්‍රම්වේදයක් ඔස්සේ මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද තැපැල්පතිවරයා එම නිවේදනය මඟින් සඳහන් කර ඇත.කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ඉල්ලීම මත රජයේ රෝහල්වල සායනික ඖෂධ සහ රජයේ ඔසුසල් වෙතින් ඇණවුම් කරන ලද ඖෂධ හිමිකරුවන් වෙත ලබාදිමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට