සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිලිටරිකරණය කරා මෙන්ම තුවක්කුවෙන්, බලහත්කාරයෙන් පාලනය කිරීමේ උත්සාහයක් කරා රට ගමන් කරමින් තිබෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaරටේ ආරක්ෂාව පිරිහී, කැළෑ නීතිය යළිත් රට තුළ රජකරන තත්ත්වයක් උද්ගතව ඇති බවත් රට මිලිටරිකරණය වීමේ මූලික සිදුවීමෙන් රට තුළ සිදුවෙමින් පවතින බවත් සමගි ජනබලවේගය සංවිධානයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඇතුල්කොට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී තිස්ස අත්තනායක මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

රට තුළ මේ වනවිට අවනීතිය රජවී නීතියේ ආධිපත්‍ය බිඳවැටෙමින් තිබෙනවා. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින්ට විවිධාකාරයේ තර්ජනය කිරීම් සිදුවෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වී නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරනු ඇතැයි මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන මැර ක්‍රියා සිදුකරන පිරිස් මෙන්ම දූෂණය සහ වංචාව ද මර්දනය කරනු අතැයි රටේ ජනතාව බලාපොරොත්තු වුනා.

පොලිස් ආරක්‍ෂාව යොදා තිබියදී පවා රත්මලාන ප්‍රදේශයේදී මැරයන් විසින් වෙඩිතැබීමක් සිදුකළා. තමන් සතුව ගිනිඅවි තිබියදී පවා එම තත්ත්වය පාලනය කරගැනීමට එම ස්ථානයේ රැඳීසිටි අරක්‍ෂක අංශයටන්ට නොහැකි වුනා.

මිහින් ලංකා ආයතනයේ දූෂණ තත්ත්වයන් ඇතුළු මෙරට ආයතන තුළ සිදුවූ අඩුපාඩු සහ වංචාවන්ට එරෙහිව කටයුතු කරමින් ඒ පිළිබඳ තොරතුරු ලබාදුන්, පසුගියදා කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මියගිය රජිව් ජයවීර මහතාගේ මරණය, ඝාතනයක්දැයි යන සැකය මතුවෙලා. ඒ සම්බන්ධයෙන් විවිධ තර්ක ඉදිරිපත්ව තිබෙනවා. ඇතැම් මාධ්‍ය, පොලිසිය සහ ආණ්ඩුව එක්ව මෙම මරණය සියදිවි නසාගැනීමක් බව පෙන්වාදීමට උත්සහ කරනවා.

මේ ආකාරයට සිය දිවි නසාගැනීමට එම ස්ථානයේදී හැකිදැයි යන සැකය මතුවනවා. මරණයට පත්වූ පුද්ගලයා එම ස්ථානයට පැමිණි ආකාරය හෝ සිය දිවි නසාගත් ආකාරය අසළ සවිකර ඇති කිසිදු සී.සී.ටී.වී. කැමරාවක් තුළ සටහන්වී නෑ. එම සියළු සී.සී.ටී.වී. කැමරා අක්‍රීය වෙලා. මෙම සියළු කරුණු නිසා එම මරණය පිළිබඳ පවතින සැකය තවදුරටත් ඉහළ යනවා. සිය මුඛයට වෙඩි තබාගෙන සියදිවි නසාගත් පුද්ගලයෙකු පිළිබඳ වාර්තාවූයේ පළමු වතාවටයි. වෙඩි තබාගන්නා ලද පතුරොම සොයාගැනීමට හෝ මෙතෙක් හැකිවී නෑ.

“කට අරින්න එපා, කට ඇරියොත් දඬුවම මේකයි” යන්න පෙන්වාදීම සඳහා මෙම ඝාතනය සිදුකර ඇද්දැයි යන සැකය මතුවනවා. මෙම සිදුවීම පිළිබඳ නිසි පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. මෙම සිදුවීම සුන්දර කථාන්තරයක් ලෙස පෙන්වා දියහැකි නමුත් එහි කෙළවර ඇත්තේ භයානක තර්ජනයක්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගියදා පවත්වන ලද විරෝධතාවයට ආණ්ඩුව විසින් කළ මිලේච්ඡ ප්‍රහාරය අනුමත කළ නොහැකියි. එහිදී ආරක්ෂික අංශ නිරෝධායන නීති නොසලකමින් කටයුතු කරලා.

පසුගියදා ඩිපෙන්ඩර් රථයකට යටවීමෙන් අනතුරක් සිදුවී පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති අතර මීට පෙර ද මෙවැනි අනතුරු සම්බන්ධයෙන් උදාහරණ තිබෙනවා. පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකරන ලදැයි චෝදනා එල්ලවන රිය අනතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය, ඉහත රිය අනතුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ නෑ.

ඒ අනුව මිලිටරිකරණය කරා මෙන්ම තුවක්කුවෙන්, බලහත්කාරයෙන් රට පාලනය කිරීමේ උත්සාහයක් කරා රට ගමන් කරමින් තිබෙන බව පෙනීයනවා. එවැනි තත්ත්වයක් රට තුළ බිහිනොකිරීම සඳහා ඉදිරි මැතිවරණයේදී රටේ ජනතාවට අවස්ථාව හිමිවෙලා.

“දිනමු” තේමාව යටතේ මැතිවරණය ජයගැනීම සඳහා පවතින ආණ්ඩුව වෙනස් කිරීමේ අරමුණින් සෞඛ්‍ය සහ මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව අපි මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වනවිට ආරම්භ කරලා තිබෙන්නේ. රට තුළ උද්ගතව ඇති වාතාවරණය යටතේ විශාල මහජන රැළි නොපවත්වා ජනතාව දැනුවත් කිරීමේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ජනහමු විශාල සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය අනුව ගම්මාන හා ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් 25000 කට ආසන්න ජනහමු ප්‍රමාණයක් පවත්වන්නැයි සිය අපේක්‍ෂකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මැතිවරණ පණිවුඩය බිම් මට්ටමට යොමුකිරීමේ අරමුණින් ලබන 20 වනදා සිටි මධ්‍යම ප්‍රමාණයේ ක්‍රියාකාරී හමුවීම් 1000 කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතයි.

රට තුළ පවතින මූලික අභියෝගය වන කොරෝනා වසංගතය හමුවේ රට ගොඩගන්නා වැඩපිළිවෙල මූලික කරගනිමින් අනාගත සැලසුම් ඇතුළත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙසතියකින් පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවේ යම් යම් වෙනස්කම් සිදුකර මෙම මැතිවරණයේදී එම ප්‍රතිපත්ති මාලව යටතේම ගමන්කිරීමට කටයුතු කරනවා.

යම්තාක් දුරට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වී ඇති තත්ත්වයකදී ඒ සඳහා රාජ්‍ය දේපළ භාවිතා කරමින් සිටින ආණ්ඩුව රැකියා සඳහා බඳවාගැනීම්, උසස්කිරීම් සහ පුහුණුකිරීම් වැනි කටයුතු සිදුකරමින් සිටිනවා. මැතිවරණ නීතිය යටතේ මෙලෙස කටයුතු කළ නොහැකි බැවින් ඒ පිළිබඳව මැදිහත්වී නිදහස් මැතිවරණයක් තහවුරු කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා. සමගි ජන බලවේගය වෙත විවිධ පිරිස් විසින් විවිධ චෝදනා එල්ල කරමින් සිටින අතර එම සියළු අභියෝගයන්ට නිසිලෙස මුහුණ දෙනවා. එම චෝදනා අපට කිසිසේත්ම අදාළ නෑ.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ගැටළු සහගතයි. රට විරුවන් ලෙස හඳුන්වා දෙමින් මෙරටට ගෙන්වා ගැනීමට පවා කටයුතු කළ එම ශ්‍රමිකයින් දහස් ගණනක්, අද වනවිට අතරමංව සිටිනවා.

ජනසෙත පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂකයින් වන පූජ්‍ය කැටපේ ඥානවිමල හිමියන්, කේ.එස්. ඥාණතිලක හා බී.ජී.ඩී. විජේතුංග යන මහත්වරුන් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදෙන බවට ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

පුද්ගලික හෝ වෙනත් කරුණක් මත මැතිවරණ අපේක්ෂිකයින්ගේ වෙනස්වීම්, ඉල්ලා අස්වීම් හෝ මාරුවීම් සිදුවිය හැකියි. එය අනුමත නොකරන නමුත් එවැනි තත්ත්වයකට මුහුණදීමට සමගි ජන බලවේගයට හැකියි. එවැන්නකින් අප දුර්වල වන්නේ නෑ. පුද්ගලයින් මත ඡන්ද දායකයින් වෙනස් වන්නේ නෑ.

මංගල සමරවීර මහතාගේ ඉවත්වීම පුද්ගලික කරුණක් වන බැවින් ඒ පිළිබඳ අදහස් පළකරන්නේ නෑ. තමන් සජිත් ප්‍රේමදාස මහතාව අසීමිත ලෙස විශ්වාස කරන බැවින් කවුරුන් ආරාධනා කළ ද තමන් වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වන්නේ නෑ.

පසුගිය දශක දෙකෙහි එක්සත් ජාතික පක්ෂීය තුළ පැවති අසීරු කාලයේදී තමන් පක්ෂය සමඟ කටයුතු කළ ආකාරය රටම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහතාව මා වසර 20 ක් පුරා හඳුනනවා. නමුත් තවදුරටත් එම ස්ථානයේ සිටගන්නේ නෑ. දැන් මාගේ තේරීම අනුව සජිත් ප්‍රේමදාස මහතා සමඟ කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා ද මෙහිදී පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් දක්වන ලදී.

පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට විශාල හදිසියක් මතුවෙලා. ඒ අනුව පාසල් සිසුන්ගේ උණ පරීක්ෂා කිරීමේ ටර්මෝ මීටර් මිලදී ගැනීමට කැඳවන ලද ටෙන්ඩරයට අයදුම්පත් යොමුකර ඇති පාර්ශව අතරින් 11 වන ස්ථානයේ සිටින අයදුම්කරුවාට අදාළ ටෙන්ඩරය ලබාදීලා.

ලක්‍ෂ 620 ක අවම ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති අයදුම්කරුට ලබානොදී ශ්‍රි ලන්කන් සමාගමේ සභාපති යටතේ පවතින ආයතනයක් වන සොෆ්ට්ලොජික් කම්පියුටර්ස් පුද්ගලික සමාගම වෙත ලක්‍ෂ 846 කට අදාළ ටෙන්ඩරය ලබාදීලා. මේ අනුව ලක්ෂ 220 ක වංචාවක් සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ හෝ නොකැඳවා තමයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට