සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2015 ට පෙර රට තුළ පැවති අවනීතිය යළිත් රජ කිරීමට පටන්ගෙන තිබෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramuna“එක් රටක්, එක් නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව ප්‍රභූන් හට වෙනම නීතියක් සහ ජනතාවට වෙනම නීතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය පක්‍ෂ කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් පළකරන ලදී.

තිරිංග නොමැති වාහනයක තත්ත්වයට රට මේ වනවිට පත්වෙලා. රටත් ජනතාවත් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව එම පොරොන්දුව මෙතෙක් ඉටුකර නෑ. දූපත් රාජ්‍යයක් වුවත් කොරෝනා උවදුරෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කරගැනීමට ආණ්ඩුවට හැකිවූයේ නෑ. කෙරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දෙවන රැල්ලක් පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට අදහස් පළකරලා තිබෙනවා. මෙරට ගුවන්තොටුපළවල් වසාදමන්නැයි කෙරෝනා වෛරසය ව්‍යාපත්වූ මුල් අවධියේදීම සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියත් මාර්තු 20 වන දින නාමයෝජනා ඉදිරිපත් වන තෙක් එම ඉල්ලීම ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කළේ නෑ. කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ආණ්ඩුව දියත් කළ යහපත් තීරණ අගය කළ ද ආණ්ඩුව විසින් සිදුකළ මූලික වැරදි සම්බන්ධයෙන් මේ වනවිට කිසිවෙකු හෝ අදහස් කරන්නේ නෑ.

මේ වනවිට ජනතාව දැවැන්ත පීඩාවකට පත්ව සිටිනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ අනුව ව්‍යාපාරිකයින් තමන්ට සිතෙන පරිදි මිල ගණන් නියම කරමින් සිටිනවා. අපගේ ආණ්ඩුව බලයට පත්වූ වහාම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවර කිරීමට කටයුතු කරනවා.

යම් යම් අඩුපාඩු පැවතියත් අත්‍යාවශ්‍ය භාණ්ඩයන්හි මිල ගණන් ස්ථාවරව තබාගැනීමට අපි කටයුතු කළා. අපගේ ආණ්ඩුව සහල් මිලදී ගැනීමට නිසි ක්‍රමවේදයක් පවා සකස් කළා. මෙරට පිරිස් රැසකට සිය රැකියා අහිමිව යන තත්ත්වයක් උද්ගතව වෙලා. ජනතාව සැනසීම සඳහා, බැංකු මඟින් සහන ලබාදෙන බවට ආණ්ඩුව නිවේදන නිකුත් කළත් මුදල් නොමැතිවීම නිසා එම රජය පවසන ආකාරයට එම සහන ක්‍රියාත්මක කිරීමට බැංකුවලට නොහැකියි. අපගේ ආණ්ඩුව බලයට පත්ව ගතවූ මුල් මාස 06 සහ වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතවූ මුල් මාස 06 සංසන්දනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බන්ධනාගාරවල කටයුතු විමර්ශනය කිරීම මේ වනවිට සිදුවන අතර එහිදී සුඛෝපභෝගි භාණ්ඩ සම්බන්ධයෙන් සෙවීමක් සිදුකරනවා. කළයුතුව ඇත්තේ මෙරට බන්ධනාගාරයක් තුළ සිදුවූ විශාලම අපරාධය වන රැඳවියන් 27 ක් ඝාතනය කිරීම පිළිබඳ විමර්ශනය කිරීමයි. මුදලට මිලදී ගැනීම සඳහාවත් රට තුළ පොහොර නෑ. මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ ඇතිවී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා කොරෝනා වසංගතයේ දෙවන රැළ්ලක් පිළිබඳ අදහස් පළකරනවා. ඒ අනුව ඇඟබේරාගැනීම සඳහා ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

2015 ට පෙර පැවති අවනීතිය යළිත් රට තුළ ඉස්මතු වෙමින් පවතිනවා. යහපාලන ආණ්ඩුව සමයේ ජනතාවට විරෝධතා පැවැත්වීමට පවා නිදහසක් පැවතියා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවයට ආණ්ඩුව විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ලකළා. ඇමෙරිකාව සැනසීමේ අරමුණින් ආණ්ඩුව මෙම පහරදීම සිදුකළා. සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය ද 2015 ට පෙර පැවති තත්ත්වය රට තුළ නැවත ඇතිවෙමින් පවතින බව පෙන්වාදීමක්. ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවට ආසන 113 ක බහුතර බලයක් ලබාගැනීමට කිසිසේත්ම නොහැකියි.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක අතුල එස්. රණගල මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට