සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 දිනවල ..

Podu Jana Peramuna2020 මහමැතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 යන දෙදින සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11,12 සහ 13 යන දිනවලදී සිදුකිරීමට නියමිතව ඇති අතර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම එළඹෙන ජුනි 18 වනදා සිදු කිරඹිට ද නියමිතව ඇත. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජූනි 30, ජූලි මස පළමුවනදා හා දෙවැනිදා යන දිනවල සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආකරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙක් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජූලි මස 14 හා 15 යන දිනවලදී සිදුකිරීමට නියමිතව ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආකරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ ජූලි 16 හා 17 යන දිනවලදී බව මැතිවරණ කොමිසම නිකුත් කළ මධ්‍ය නිවේදනයේ සඳහන් වේ. මෙම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට එළඹෙන ජූලි මස 20 වැනිදා  හා 21 ක් වනදා අවස්ථාව හිමිවන අතර ඔවුන්ට ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදීයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම එළඹෙන ජූලි මස 29 වනදායින් අවසන් වේ.එදිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට