සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොවිඩ් ආසාදිතයන් ගණන 1915 දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 දක්වා ඉහළ ගොස් ඇත. අද (16) තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම ගණන ඉහළ ගොස් ඇත.6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වේ.  ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුවකොවිඩ් ආසාදනය වූ මෙරට සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 899 ක් වන අතර ඒ අතරින් තවත් 28 දෙනෙකු සුවය ලැබීමත් සමඟ නාවික සාමාජිකයින් 740 දෙනෙකු අදවනවිට පූර්ණ සුවය ලබා ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයින් 159 දෙනෙකු පමණක්යි වේ. නාවික හමුදා සාමාජිකයන්ට අමතරව අද වාර්තා වූ සෙසු ආසාදිතයින් සිව්දෙනාම උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ඊයේ මෙරටට පැමිණි ඉරාන ජාතිකයන් වේ. ඊයේ ඉරානයේ සිට කාර්මික ශිල්පින් 85 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණි අතර එම සියල්ලන්ගේම PCR පරීක්ෂණ ගුවන් තොටුපොළේදී සිදු කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලදී. ඔවුන් උමා ඔය ව්‍යාපෘති භූමියට යොමු කෙරෙන්නේ නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු තවත් PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුවයි.මේ අතර කොවිඩ් 19 ආසාදනය වී සිට සුවය ලැබූ කතකට යළිත් වරක් කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුව තිබේ. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අදාල කාන්තාව කුවේට් හී සිට මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් මැයි මස 18 වේ. ඇය ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණේ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින අවස්ථාවේදී. ප්‍රතිකාර ලැබූ අදාළ කාන්තාව සුවය ලබා මීට දින දෙකකට පෙර කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත ගොස් ඇත. එහිදි යළිත් වරක් කොවිඩ් 19  රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන්  අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට