සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ සියලු අංශ ආරක්ෂක අමාත්‍යංශයට නතු කරමින්, රජය මර්දනකාරි වැඩපිළිවෙලක…

Podu Jana Peramunaරටේ සෑම අංශයක් සඳහාම අද වනවිට ආරක්‍ෂක අමාත්‍යංශය යොදා ගැනීමට පියවර ගැනීම, සියලු අංශ මර්දනය කිරීමට කටයුතු  කිරීමක් ලෙස පෙන්වාදිය හැකි බව සමගි ජන බලවේගයේ අපෙක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. ඊයේ (18) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී. එහිදි අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වසරක් පාසා මාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරන අතර විද්‍යුත්, මුද්‍රිත මෙන්ම වෙබ් අඩවි ඇතුළු සියළුම අංශ නියෝජනය කරන මාධ්‍යවේදීන්ට නිදහසේ සිය රාජකාරිය සිදුකිරීමට මෙලෙස හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුවවත් අද වන විට මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම සීමා කරමින්  වෙබ් අඩවි සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට යම් සීමාවක් පැනවීමට ද රජය විසින් කටයුතු කර ඇති බව ඒ මහතා අවධාරණය කරන ලදී.

රට තුළ යුද්ධයක් ද නොමැති අවස්ථාවක ජනමාධ්‍ය අමාත්‍යංශයක්, විෂය භාර අමාත්‍යවරයෙක් මෙන්ම ලේකම්වරයෙක් ද සිටින පසුබිමක් තුළ පළමු වරට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම, මාධ්‍ය වාරණයක් ලෙස පෙන්වාදිය හැකි බවත් මාධ්‍යකරණයේ යෙදෙන සෑම අයෙකුටම කාර්යක්ෂම ලෙස මාධ්‍ය හැඳුනුම්පත ලබාදීමට කටයුතු කළ යුතු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඒ සඳහා පුර්ණ බලය ලබාදෙන ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටින බව අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

එමෙන්ම කොරෝනා වසංගතයත් සමඟ රටේ ආර්ථිකය මේ වනවිට දැඩි කඩාවැටීමකට ලක්ව ඇති අතර ජල සහ විදුලි බිල්පත් දෙගුණයකින් නොව පස් ගුණයකින් පමණ වැඩි වී ඇති බවත් පසුගිය කාලය තුළ ජලය සහ විදුලිය වැඩිවශයෙන් භාවිතාවීම සිදුවී ඇති නමුත් මේ ආකාරයට එම බිල්පත් වැඩිවීම පිළිගත නොහැකි බවත් මෙම ගැටළුව පිළිබඳව තමන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත පුද්ගලිකව පැමිණිලි කළ අතර සිදුව ඇති වරද නිවැරදි කිරීම සඳහා එම සභාව විසින් පසුව උපදෙස් ලබාදී ඇතත් මේ දක්වා එම වරද නිවැරදි කර නොමැති බව සඳහන් කළ හිටපු මන්ත්‍රිවරයා, ජල සහ විදුලි පාරිභෝගිකයින්ට සිදුව ඇති බරපතල අසාධාරණය, අගෝස්තු මස 05 දිනෙන් පසුව පිහිටවන සමගි ජන බලවේගයේ රජයක් යටතේ නිවැරදි කිරීමට කටයුතු කරන අතර අසාධාරණ ලෙස ජල සහ විදුලි මණ්ඩලය අයකරගෙන තිබෙන මුදල් සියල්ලම ආපසු ලබාදීමට කටයුතු කරන බවත් යම් හෙයකින් අසාධාරණ බිල්පත් මේ දක්වා ගෙවීමට කටයුතු කර නොමැති නම් එය නොගෙවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා විසින්ම පසුගියදා මහ බැංකු නිලධාරීන්ට දෝෂාරෝපණය කළ ද මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යවරයා පත්කරනු ලබන්න්නේනේ  ද ජනාධිපතිවරයා විසින් වන බැවින් එම බලධාරීන්ගෙන් නොවිමසා අනෙකුත් නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීම වැරදි සහගත බව සඳහන් කරන ලදී.එමෙන්ම මේ වන විට මහ බැංකුවේ සිටින ඉහළ නිලධාරින් වත්මන් ආණ්ඩුව විසින් පත්කළ නිලධාරීන් වන බවත්  ආණ්ඩුව අද වනවිට නැවතත් නාටකයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එහි විපාක අගෝස්තු මස 05 දින වත්මන් බලධාරීන්ට විඳීමට සිදුවනු ඇති බවද ඒමහතා මෙහිදි  සඳහන්අ කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට හදන සෞභාග්‍යයේ දැක්ම යනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ද ඉන් කිසිදු යෝජනාවක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති බවත් පාර්ලිමේන්තුව රැස්නොවන බැවින් මෙවැනි දෑ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසීමට නොහැකි වී තිබෙන බවද එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

     

    අප්‍රේල් 2024
    M T W T F S S
    « මාර්තු    
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930  

    ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

    ලේඛනාගාරය

    Find any kind of Sri Lanka Jobs.

    සිංහල අකුරු ලබා ගැනීමට