සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සතුටුදායකයි – එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක.

Podu Jana Peramunaරට තුළ ආර්ථික ගැටළුවක් මතුව ඇති බව, ජනාධිපතිවරයා සහ බැංකු නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී පෙනීගිය වත්මන් ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කිරිම පිළිබඳව තම්න සතුටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කලේ ඊයේ (18) කොළඹ සිරිකොත එ.ජා.ප. මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ කටයුතු පිළිබඳ එසේ ප්‍රශංසා කිරීම, වත්මන් ආණ්ඩුවට කඩේ යාමක් ලෙස ඇතැම් පිරිස් හඳුන්වනු ඇති නමුත් පසුගිය ආණ්ඩුවේදී තමන් ගෙනගිය සටනේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිබඳව තමන් සතුටුවන බව ඒ මහතා එහිදි අවධාරණය කරන ලදී.

දේශීය මූල්‍ය සම්පත් ආරක්‍ෂා කිරීම, පාවෙන රුපියල ශක්තිමත් කිරීම, සැබෑ සංවර්ධනයක් සහ නිෂ්පාදනයක් ඇති කරමින් මුඛ්‍ය ආදායමක් බිහිකිරීම සහ මූල්‍ය හා බදු උපයාගැනීම ආදිය මහ බැංකුවේ මූලික කාර්යයන් වන අතර 2000 වසර තෙක් එම ක්‍රියාවලිය නිසිලෙස සිදුකළ ද ඉන්පසුව සිදුවූ දේශපාලන බලපෑම් හේතුවෙන් එම කටයුතු බිඳවැටුනු බව සඳහන් කළ රවී කරුණානායක මහතා,  වත්මන් ආණ්ඩුව මේ වනවිට භාණ්ඩ මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ දමා ඇති බව සඳහන් කරන ලදී.

එමෙන්ම බලයට පත්ව මාස 08 ක් වැනි කාලයක් ගතව ඇතත් රට තුළ සැලකිය යුතු වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිවරයා විසින්ම පවසා ඇති අතර වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බැවින්ව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ද ඒ පිළිබඳව විමසිය යුතුව ඇති බව රවි කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට