සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හමුදාව සමූල ඝාතනය කළ “කරුණා අම්මාන්” ට එරෙහි නොවන ආණ්ඩුව දමිළ ඡන්ද ලබාගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටිනවා – එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික අනුශාසක පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි

Podu Jana Peramunaහිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් “කරුණා අම්මාන්” නමැති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා වරප්‍රසාද ලැබීම පිළිබඳව සිංහලයින් වශයෙන් අප සියළුදෙනාම ලැජ්ජා වියයුතු බවත් මොහු විසින් හමුදා සාමාජිකයින් ඝාතනය කරන ලද බවට කළ ප්‍රකාශයට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි විමසා සිටින බව එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික අනුශාසක පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන් අවධාරණය කර සිටියි. උන්වහන්සේ මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (21) ඇතුල්කෝට්ටේ, සමගි ජන බලවේගය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

මෙරට පැවති යුද්ධයේදී අහිංසක සාමාන්‍ය ජනතාව සහ හමුදා නිලධාරීන් ඝාතනය කරන ලද පුද්ගලයින් අතරින් මේ වනවිටත් යෙහෙන් වැජඹෙන, ජනතා බදු මුදලින් ජීවත් වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් “කරුණා අම්මාන්” නැමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා එම සමූල ඝාතන සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපට නිර්භීතව අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

මෙරට රණවිරුවන්, සිංහල ජාතිය, බෞද්ධ සිද්ධස්ථාන සහ බෞද්ධ ආගම පාවාදෙමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා දැකගැනීමට හැකිවුනා පසුගිය කාලය තුළ. කරුණා අම්මාන්ගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් හඬ අවධි නොකරන්නේ ඇයි දැයි එම ස්වාමීන් වහන්සේලාගෙන් විමසා සිටිනවා. කරුණා අම්මාන් වැනි පුද්ගලයින්ට ජනාධිපතිවරයා විසින් සිය පක්‍ෂයේ ඉහළ තනතුරු ලබාදීම ගැන අපි ඉතාමත් කණගාටුවට පත්වෙනවා.

රණවිරුවන් 2000 ක 3000 ක පමණ පිරිසක් ඝාතනය කළ බවට නිර්භීතව ප්‍රකාශ කිරීමේ හැකියාවක් කරුණා අම්මාන්ට පවතින තත්ත්වයකදී ඔහුව ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා. මැතිවරණයක් අභියස තිබියදී දමිළ ජනතාවගේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව කූඨ උපක්‍රමයක් යොදමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව අවධියෙන් සිටිය යුතුයි. සුළු වරදක් කළත් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට සිරබත්කෑමට සිදුවනවා. නමුත් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට කටයුතු කළ හමුදා සාමාජිකයින් ඝාතනය කළ බවට නිර්භීතව ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව වත්මන් රජය නිහඬව කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය කුක්ගොඩ ධම්මින්ද සහ එක්සත් භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය කෝට්ටේ විදුරකීර්ති යන හිමිවරුන් ද සහභාගිවී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට