සත්‍යයේ පුවත් අඩහැරය….

රාජපක්‍ෂවරුන් ජාතිකත්වය යොදාගන්නේ සිය වාසියට පමණයි – එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaරාජපක්‍ෂවරුන් ජාතිකත්වය යොදාගන්නේ සිය වාසියට පමණක් බවත් ඒකාධිපති පාලකයින් අතීතයේ සිටම මේ ආකාරයට කටයුතු කර ඇති බැවින් ජනතාව එම තත්ත්වය මැනවින් අවබෝධකරගනිමන් කටයුතු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (22) සුජීව සේනසිංහ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා පහත පරිදි එහිදී තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව රට තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවෙමින් පවතින අතර හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන කරුණා අම්මාන් විසින් රණවිරුවන් ඝාතනය කිරීම පිළිබඳව පසුඟිය දිනක සිදුකරන ලද ප්‍රකාශය ඉතා බරපතලයි. එම ප්‍රකාශය සම්බන්ධව මෙතෙක් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ආරක්‍ෂක ලේකම්වරයා විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගෙන නෑ. රටේ බලධාරීන් එලෙස කටයුතු කරනු ලබන්නේ කුමක් නිසාද යන්න ගැටළුවක්.

ආණ්ඩුව එම ප්‍රකාශය සම්බන්ධව ගොළුවත රකිනවා. දේශප්‍රේමීත්වය, ජාතිකත්වය පිළිබඳව නිබඳව කථා කළ ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම කණගාටුදායකයි. තිස් වසරක යුද්ධය නිමාකළ රණවිරුවන් අමු අමුවේ ඝාතනය කළ බවට කරුණා අම්මාන් විසින් පිළිගෙන තිබෙනවා.

දේශද්‍රෝහීන් රාජපක්‍ෂවරුන් සමඟ කටයුතු කරන විට දේශප්‍රේමීන් බවට පත්වනවා. නමුත් දේශප්‍රේමින් වුවත් රාජපක්ෂවරුන්ට එරෙහිව කටයුතු කළහොත් ඔවුන්ව දේශද්‍රෝහීන් බවට පත්කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරනවා. මෙම ප්‍රකාශය අනුව කරුණා අම්මානට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. සිය ගෝලයින්ගේ සුඛ විහරණය උදෙසා ආණ්ඩුව කටයුතු කරනවා. එය ලැජ්ජාසහගතයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද ජනතාවට ලොරි ටෝක් ලබාදුන්මිනත් රණවිරුවන් ඝාතනය කළ බවට පවසන පුද්ගලයාට එරෙහිව මෙතෙක් අවම වශයෙන් ප්‍රකාශයක් හෝ සිදුකර නෑ. මේ වන විට ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බවට රටට පෙන්වීමට කටයුතු කර අවසන්.

මැතිවරණයක් පැවැත්වීමට ආසන්නව තිබියදී ඉතිහාසයේ කිසිදු දිනෙක මේ ආකාරයට භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කර නෑ. මැතිවරණයෙන් පසුවත් භාණ්ඩ මිල ජනතාවට දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ යාවි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට