සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කරුණා අම්මාන් ප්‍රකාශයට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාවෙන් පොලිසියට පැමිණිල්ලක්..

Podu Jana Peramunaයුද සමයේදී හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සිය අණින් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාව විසින් පසුගියදා පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ජාතික විද්වත් සංඝ සභාවේ නියෝජිත පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

මෙහිදී ජාතික විද්වත් සංඝ සභාවේ නියෝජිත පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකරන ලදී.

කරුණා අම්මාන් කියන මේ දරුණු ඝාතකයා සිදුකළ මේ ප්‍රකාශය ගැන ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් තබා ප්‍රකාශයක් හෝ නිකුත් කර නෑ. අදත් කරුණා අම්මාන් සියළු වරප්‍රසාද විඳිනවා. මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි. මනුෂ්‍ය ඝාතන සිදුකළ බව තමන්ගේ කටින්ම කියනවා නම් තවත් සාක්ෂි මොකටද? ඒත් ඒ ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ බලධාරීන්. නමුත් චෝදනා මත පමණක් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් තවමත් සිරගත කර සිටිනවා. පසුගිය දා ස්වාමීන් වහන්සේ නමක් ජීවිතාන්තය දක්වා සිරගත කළා ගිනි අවියක් ළඟ තාබගත් බවට චෛා්දනා කරමින්.

මේ ප්‍රකාශයෙන් කරුණා අම්මාන් සිදුකර ඇත්තේ මෙරට නීතියට අභියෝග කිරීමක්න්නේ. ජාතික ආරක්‍ෂාවට එරෙහිවීමක්. ජනාධිපතිතුමා ඇතුව සමස්ත රජයටයි ඔහු මේ අභියෝග කරන්නේ. වෙනත් අවස්ථාවල ආශිර්වාද කරනවා වගේම මේ වෙලාවේ ආණ්ඩුවට උපදෙස් ලබදෙන මෙන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට