සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද්ධය සැමරීමේ මානසිකත්වය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් පෙන්වා දෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaදකුණේ සමාජය, යුද ජයග්‍රහණය අඛණ්ඩවත් උත්කර්ෂවත් ලෙසත් වර්ණනා කරමින් සිය ඡන්ද ව්‍යාපාරය සඳහා භාවිතා කළ අතර මේ වනවිට ද එය සිදුවන බවත් ඒ අනුව යුද්ධය සැමරීමේ මානසිකත්වය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් පෙන්වා දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉනෝකා සත්‍යාංගනී මහත්මිය අවධාරණය කර සිටියි. සත්‍යාංගනී මහත්මිය මෙම අදහස් පළකරන ලද්දේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී ඇය පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකළාය.

යුද්ධයක් යනු වේදනාකාරී අත්දැකීමක්. තිස් වසරක් පුරා මෙරට ජනතාව මුහුණදුන් ජාතිවාදී අරගලය නිමාකිරීම පිළිබඳ පක්ෂ භේදයකින් තොරව සතුටු වනවා. මෙරට පැවති යුද්ධය නිමවීමෙන් පසු පුරා දශකයක් තිස්සේ එම යුද ජයග්‍රහණය සැමරීමට කටයුතු කළා. කරුණා අම්මාන් විසින් පසුගිදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මෙතරම් නිර්භීතව, උද්දාමයෙන් යුතුව මැතිවරණය වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුවූ පසුබිම කුමක්දැයි විමසාබැලිය යුතුයි. ඒ අනුව එම පසුබිම රට විසින්ම නිර්මාණය කරන ලද බව පෙනීයනවා. මෙරට යුද ජයග්‍රහණය උත්කර්ෂයෙන් ඉදිරියට ගෙන ගියා. ඒ අනුව එහිදී තම තමන්ගේ පාර්ශවය විසින් සිදුකළ මරණ සංඛ්‍යාව වරනැඟීමට කටයුතු කළා.

යුද සමයේ ත්‍රස්ත නායකයෙකු වූ කරුණා අම්මාන්ගේ ජයග්‍රහණය වූයේ සිය විරුද්ධ පිලේ ඝාතනය වූ පිරිසෙහි ප්‍රමාණයයි. ඒ අනුව එය වරනැගීමේ මානසිකත්වය තුළින් ඡන්ද පොරොන්දුවක් ලෙස වීරත්වයක් ලෙස පෙන්වාදීමට ඔහු මෙම ප්‍රකාශය තුළින් උත්සාහ කර තිබෙනවා.

ත්‍රස්තවාදීන් වුවත් හමුදාව වුවත් යුද්ධයක දී සිය ජීවිත අහිමිකරගනිමින් අබාධිතයින් බවට පත්වනවා. එහි පිටුපස දැවැන්ත කදුළු කථාවක් පවතිනවා. යුද ජයග්‍රහණය වරින් වර ස්මරණය කිරීම කළ නොහැක්කක්. යුද්ධය අවසන් කළ හමුදා සාමාජිකයින් හට ගෞරව කළයුතු වුවත් කරුණා අම්මාන්ගේ ප්‍රකාශය තුළින් තවදුරටත් යුද්ධය සැමරීමේ මානසිකත්වය අත්හළ යුතුව ඇතැයි අවධාරණය වනවා. යම් දේශපාලන විසඳුමක් වෙනුවෙන් යුද්ධ කළ සෙබළුන් මතින් කිසිවිටෙක ගමන් නොකළ යුතු බව අවධාරණය කළයුතුයි.

කරුණා අම්මාන්ගේ මෙම ප්‍රකාශය ඔහුගේ හුදකලා ප්‍රකාශයක් නොවේ. දේශපාලකයින් විසින් යුද්ධය යොදාගෙන ඇතිකර තිබෙන යුදමය සංස්කෘතිය තුළින් සිදුවූ ප්‍රකාශයක් ලෙස එය හැඳින්විය හැකියි. ඒ අනුව යුද්ධය පිළිබද පවතින උත්කර්ෂවත් හැඟීම අත්හළ යුතුව ඇති බව යළිත් ගම්‍ය වනවා. යුද්ධය නැවත ස්මරණය කිරීම හරහා තුවාල, ක්‍රෝධය සහ වෛරය නැවතත් මතකයට නැඟීමක් සිදුවන බැවින් ඉන් මිදීමට ලාංකිකයින් ලෙස අප කටයුතු කළයුතු යැයි කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පසක් කරන අතර මෙමඟින් යුද්ධයේ ඛේදනීය තත්ත්වය නැවත සිහිගන්වනවා.

රටේ සියළු කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් ගමනක් ආරම්භ කර ඇති සමගි වනිතා බලවේගය, සමගි ජන බලවේගයේ කාන්තා නියෝජනය ලෙස දේශපාලන ඉලක්ක සපුරාගැනීමේ බලාපොරොත්තුවෙන් තොරව කටයුතු කරනවා. මෙරට කාන්තාවන් මුහුණ දී ඇති සියළුම ආකාරයේ ගැටළු සඳහා විසදුම් ලබාදීම එහි අරමුණයි.

මෙම මාධ්‍ය හමුව සඳහා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මිය ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට