මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වේ..
මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉදිරි මැතිවරණය පවත්වන කාලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එස කොමිෂන් සභාව මෙසේ අද රැස්වීමට නියමිතව ඇත. එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.