සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුවේ වුවමනාව රාජ්‍ය සේවකයින්ගේ ස්වාධීනත්වය විනාශකිරීමයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu Jana Peramunaඉදිරි මැතිවරණයෙන් 2/3 ක බලයක් ලබාගැනීමට හැකියැයි පැවසුව ද අද වනවිට එය සිදුකර ගැනීමට නොහැකි බව ආණ්ඩුව අවබෝධකර‍ගෙන ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරගැනීමට පසුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කළ ද වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ ස්වාධීනත්වය විනාශකිරීමේ වුවමනාවෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කරසිටියි. ඊයේ (24) සිරිකොත පක්ෂට මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා විසිනි.

මෙහිදී ඒ මහතා තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

පසුගිය කාලය තුළ ස්වාධීනත්වය යන වචනය රාජ්‍ය ආයතන තුළින් ඉවත් කිරීමට කටයුතු කළා. ජනාධිපතිවරයා විසින් මහබැංකු නිලධාරීන් කැඳවා විවිධ චෝදනා එල්ල කළ ආකාරය අපි දුටුවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින ගැටළු රාජ්‍ය සේවකයින් මත පැටවීමක් තමයි අපි ඒ දැක්කේ.

මේ වනවිට ජනාධිපති ලේකම්වරයා මැදිහත්ව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ගෙවීම සම්බන්ධ ගොනු 600 ක් පිළිබඳව සොයාබැලීමට අවධානය යොමු කරලා තිබෙනවා. තෝරාගත් පිරිසක් පිළිබඳව පමණක් මෙවැනි අවධානයක් යොමුකිරීම ගැටළුවක්. ව්‍යාපාරිකයින්ව බියවද්දවා මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු කරනවාද යන සැකය මතුවෙලා තිබෙනවා මෙම සිදුවීම නිසා.

රාජ්‍ය සේවකයින් අද වනවිට භීතියකින් කටයුතු කරනවා. ආණ්ඩුව සිදුකරන වැරදි තමන් මත පටවාවි යන බිය නිසයි රාජ්‍ය සේවකයින් මේ ආකාරයට බියවී සිටින්නේ. ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණත් දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවිම් ලබාදෙනවා. ජනාධිපතිවරයා සුවිශේෂි බලකායක් ගොඩනඟා ඔවුන්ට බලතල පවරා දීලා. විශ්‍රාමික හමුදා නිලධාරීන් තමයි ඒ තනතුරු සඳහා පත්කර තිබෙන්නේ. ආණ්ඩුවට රටේ ආර්ථික ගැටළු විසඳිමට දැනුමක් හෝ දැක්මක් නෑ.

රාජ්‍ය සේවය මර්දනය කරමින් ඒ සඳහා විසඳුම් සෙවීමට ආණ්ඩුව උත්සාහ කරන අතර ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවක වැටුප රජයට ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා. එවැනි දේවලින් ආර්ථිකය ගොඩනංවන්න බෑ. එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් මේ වනවිට එම ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ චතුරිකා ජයතිලක මහත්මිය ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට