සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවය රණවිරුවන් ආරක්ෂා කිරීම නොව රාජපක්‍ෂ පවුලට ගැතිකම් කිරීම පමණයි – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවය බවට පත්ව ඇත්තේ රණවිරුන් ආරක්ෂා කිරීම නොව රාජපක්‍ෂ පවුලට ගැතිකම් කිරීම පමණක් බවත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. ඇය මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (28) පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

කරුණා අම්මාන්ට තමන් විසින් කරන ලද වැරදි නිවැරදි කරගෙන යහපත් මාර්ගයකට පැමිණීමට අවශ්‍ය තරම් කාලය තිබුනා. නමුත් එහෙම කරන්න ඔහුට මෙතෙක් වුවමනාවක් නොමැති බව පසුගිය ඔහු විසින් කරන ලද ප්‍රකාශයත් සමඟ මනාව පැහැදිලි වෙනවා. සිංහල ජනතාව කෙරෙහි ඔහු තුළ තවමත් වෛරයක් පවතින නිසයි මෙවැනි ප්‍රකාශයක් ඔහු කළේ.

රියර් අද්මිරාල්, සරත් වීරසේකර මහතා පවසා සිටියා මෑතකදී කරුණා අම්මාන්ට නිදහස ලබාදීමට කටයුතු කර තිබෙන බව. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට කටයුතු කළේ කුමන නීතියක් උපයෝගී කරගෙනදැයි ඒ අනුව අපි විමසනවා. කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරකුත් ලබාදී ඔහුව රැක ගැනීමට කටයුතු කරන්නේ ඇයි කියලා අපි අහනවා. කරුණා අම්මාන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කරලා නෑ. එනමුත් කිසිදු පරීක්ෂණයක් සිදුනොකර නිකරුනේ ජනතාව සිරගත කිරීමටත් සිරගතව සිටින සිරකරුවන් මරා දැමීමටත් මේ ආණ්ඩුවේ පිරිස් කටයුතු කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා පවසා තිබුනා කරුණා අම්මාන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පුද්ගලයකු බව. මෙය අසත්‍ය ප්‍රකාශයක්. එහෙම කියන මෙම ලේකම්වරයා සහ කරුණා අම්මාන් සමඟ පසුගිය ජනාධිපතිවරණයේදී යම් සම්මුතියක් අත්සන් කිරීමේදී ගන්නා ලද ඡායාරූප පවා තිබෙනවා. රණවිරුවන්ට කෘතගුණ සලකණ බවට බොරු පුරසාරම් දොඩවමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා මේ දක්වා රණවිරුවන් වෙනුවෙන් කිසිවක්දු සිදුකර නෑ. නායකත්වය යනු අණ කිරීමක් හෝ සරම ඔසවාගෙන කෑ ගසමින් කළයුත්තක් නොවේ.

පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැල්කම් කාදිනල් රංජිත් පියතුමාට අපහාස කළ බවට චෝදනා එල්ලවීම සම්බ්නධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හරීන් ප්‍රනාන්දු මහතාව කාදිනල්තුමාට මුණගස්වා සමාව ඉල්ලා සිටීමට කටයුතු කළා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා නායකයකුගේ වගකීම මනාව ඉටු කළා. එය සමගි ජන බලවේගයේ ලක්ෂණයක්.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ සමඟි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ සාමාජික ශීනා අබ්දුල්ලා මහත්මිය විසින් ද අදහස් පළකරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට