සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එම්.සී.සී. ගිවිසුම හරහා ආණ්ඩුව සූදු ව්‍යාපාරයක් දියත් කරලා – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා

Podu Jana Peramunaරණවිරුවන් මෙන්ම ජාතිවාදය ද විකුණා දේශපාලනය කිරීම වත්මන් ආණ්ඩුවේ පිරිසට ඉතා හුරුපුරුදු කාර්යයක් බවත් ආණ්ඩුවේ අපේක්ෂකයින් මැතිවරණ නීති උල්ලංඝනය කළ ද එම තත්ත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අකාරයක් දැකිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (29) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකරන ලද තිස්ස අත්තනායක මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක සිදුකළ විශේෂ ප්‍රකාශයක් තුළ විදෙස් කුමන්ත්‍රණයක් පිළිබඳව අදහස් අන්තර්ගතව තිබුනා. කරුණා අම්මාන් නිදහස් කරගැනීමට දරණ ලද උත්සාහයක් ලෙස ද එම ප්‍රකාශය හැඳින්විය හැකියි. නීතියට ගරු කළයුතු අයෙක් මෙන්ම ඉදිරි මැතිවරණයේ අපේක්ෂකයකු ලෙසත් අග්‍රාමාත්‍යවරයා විසින් මැතිවරණ නීති පිළිපැදිය යුතු වුවත් සිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන කරුණු අන්තර්ගත නොවූ ඉහත ප්‍රකාශය, අග්‍රාමාත්‍යවරයෙකු ලෙස නොකළයුතු දේශපාලන ප්‍රකාශයක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව එම ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්.

මැතිවරණ නීති ආරක්ෂා කරමින් කටයුතු කරන්නැයි නිරන්තරයෙන් අවධාරණය කරන මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ විපකෂයේ අපේක්ෂකයින් හට වැඩි පාඩුවක් සිදුව ඇති නමුත් ආණ්ඩුව රාජ්‍ය උත්සව, විවෘත කිරීම් ආදි කටයුතු රැසක් සිදුකරමින් සිටිනවා. නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කළත් පළක් නොවන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් විපක්ෂයට වාසිදායක ලෙස කටයුතු කරමින් සිටින්නේ යැයි විමල් වීරවංශ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැඩිව දෝෂාරෝපණය කරමින් සිටිනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප කණගාටු වන අතර මේ වනවිට වැඩි අවාසියක් සිදුව තිබෙන්නේ විපක්ෂයටයි.

ආණ්ඩුව සිය නිල බලය යෙදාගනිමින් මාධ්‍යයේ ගුවන් කාලය දේශපාලනය සඳහා යොදාගෙන තිබෙනවා. ඊට අප දැඩිව විරෝධය පළකරන අතර සජිත් ප්‍රේමදාස මහතා ද මැතිවරණයේ අපේක්ෂකයෙකු වන බැවින් ඒ මහතාට ද රාජ්‍ය මාධ්‍ය තුළ අවස්ථාව හිමිවිය යුතුයි. නමුත් එවැනි අවස්ථාවක් ලැබී නෑ. සියළුදෙනාටම සමබරතාවයක් අවශ්‍යයි.

එම්.සී.සී. ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවන සඳහන් වන නමුත් ගිවිසුම තුළින් රට අභ්‍යන්තරයට බලපෑමක් එල්ලවීම ඇතුළුව ගැටළු රැසක් පැවතියා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් මුලින්ම කථාබහක් ඇතිවූයේ 2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තුළයි. පසුගිය ආණ්ඩුව සමයේදී ගිවිසුම සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹුනත් එහිදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට විරුද්ධ පක්ෂය ඊට එරෙහිවුනා.

එහිදී ගිවිසුමට විරෝධය පළකර භික්ෂුන් වහන්සේ නමක් කොළඹ, නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් පවා පැවැත්වූවා. රටට නුසුදුසු කිසිදු ගිවිසුමකට තමන් එකඟ නොවන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේදී අවධාරණය කර සිටියා. මෙතෙක් එම ස්ථාවරයේ වෙනසක් නෑ.

නමුත් අද වනවිට ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම හරහා දේශපාලන සූදුවක නිරත වීමට උත්සාහ කරමින් සිටිනවා. ඒ අනුව ගිවිසුම අත්සන් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සෘජු ස්ථාවරය රටට හෙළිකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ගිවිසුම හරහා පසුගිය ආණ්ඩුවට චෝදනා කරමින් සජිත් ප්‍රේමදාස මහතා‍ගේ දේශාපාලන ව්‍යාපාරයට යම් බලපෑමක් එල්ලකිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවක් පෙනීගොස් තිබෙනවා.

විමල් වීරවංශ මහතා විසින් ආර්ථික ඝාතකයෙක් ලෙස හඳුන්වන ලද පී.බී. ජයසුන්දර මහතා මේ වනවිට රටේ ප්‍රධානියාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. එම්.සී.සී. ගිවිසුම පිළිබඳ විවිධ මත ඉදිරිපත් කර මැතිවරණ ව්‍යාපාරයට යම් යම් වාසිදායක තත්ත්වයන් උදාකරගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා විනා මෙය ආණ්ඩුවේ සැබෑ තත්ත්වය හෝ සැබෑ අරමුණ නොවෙයි. මූල්‍යමය සහ ආර්ථිකමය ලෙස රට ඉතාම අයහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. එම අර්බුදයන් වළක්වා ගැනීමට ආණ්ව සතුව මූල්‍යමය උපායක් නොමැති බැවින් රට අයාලේ යමින් තිබෙනවා.

මේ වනවිට රුපියල් බිලියන 300 ක මුදලක් මුද්‍රණය කර හමාර බව සහ තවත් රුපියල් බිලියන 120 ක මුදලක් මුද්‍රණය කිරීමට උපදෙස් ලැබී ඇතැයි මහ බැංකුවේ නියෝජ්යෙ අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් අනාවරණය කර තිබෙනවා. මැතිවරණය අවසන් වීමට ප්‍රථම, ඉදිරි කෙටි කාලය තුළ රට තුළ භාණ්ඩ මිල ඉහළයාමේ වේගය 67% කින් ඉහළ යාවි. එය බරපතල තත්ත්වයක් වන බැවින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන උපාය මාර්ගය කුමක්දැයි ආණ්ඩුවෙන් විමසා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.

රාජ්‍ය දේපළ විකුණා දමමින් ජනතාව මත දැවැන්ත බරක් පටවා ඇති ආණ්ඩුව ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් හට පමණක් බදු සහන ලබාදුන්නා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය මාස 06 තුළ ලැබූ බදු අදායම, 2019 වසරේ මුල් මාස 06 තුළ ලැබූ බදු ආදායමින් අඩකටත් වඩා අඩුවී තිබෙනවා. ඒ අනුව රටෙහි ආදායම අවම මට්ටමකට පත්වෙමින් තිබෙනවා. එම තත්ත්වය හේතුවෙන් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මත විශාල ලෙස බදු පැනවීමට ආණ්ඩුව කටයුතු කරලා.

පසුගිය ආණ්ඩුව විසින් එවිට රාජපක්ෂවරුන් විසින් ඉන්ධන මත පනවා තිබූ බදු ඉවත්කර ඉන්ධන මිල පහළ දමා තෙල් සංස්ථාව ද මූල්‍යමය ලෙස ස්ථාවර කළා. ලෝක තෙල් මිල මේ වනවිට යම්තාක් ඉහළ ගොස් ඇතිමුත් ආණ්ඩුව ජනතාවගෙන් දැවැන්ත, සහගහන බද්දක් අයකරමින් සිටිනවා. අප ක්‍රියාත්මක කරන ලද මිල සූත්‍රය හෝ ක්‍රියාත්මක නොකරන මෙම ආණ්ඩුවෙන් කිසිදු සහනයක් බලාපොරොත්තුවිය නොහැකියි.

ගල් අඟුරු මිල පහළ ගොස් ඇතත් විදුලි බිල එලෙසම පවතිනවා. පසුගිය මාස 03 ක විදුලි බිල ජනතාව වෙත ලබාදී ඇති අතර විදුලි බිල නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ලබාදී තිබෙනවා. කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් ජනතාවට රුපියල් 20000 ක සහනයක් ලබාදෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩිවීම් මෙතෙක් ලබාදී නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට