අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (02) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ දී වැසි සමඟ තාවකාලික සුළං ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.