සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ අභියෝග වලට බයේ අපි ගමන නතර කරන්නේ නැහැ – සමගි බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaබුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම අනුව කටයුතු කරන කිසිවෙකු සෙසු ආගම් හෝ සෙසු ජාතීන් දෙවැනි කොට නොසලකන බවත් සමගි ජන බලවේගය යනු සියලු ජාතීන්ට සහ සියලු ආගම්වලට ගරුකරන මහා බලවේගයක් බවත් සමගි බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා තවදුරටත් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

මම පිරිසිදු බෞද්ධයෙක්. මම නිර්මල බුදු දහම පිළිපදින පුද්ගලයෙක්. සියළු දෙනාගේ අයිතිවාසිකම් වලට ගරු කරන්නත් පෙනී හිටින්නත් ඇත්ත බෞද්ධයෙකුට පුළුවන්. මේ රට හැම ජාතියකම නිවහනයි. සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, අපි හැමෝම එක මවකගේ, එක පියකුගේ දරුවන් මෙන් ජීවත් වියයුතුයි. මේක අපි හැමෝගෙම රට.

තමුන්නාන්සේලා දන්නවා මගේ පියාණන් ඝාතනය කළේ මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්. ඔහු දෙමළ ජාතිකයෙක්. නමුත් ඔහු දෙමළ වුණා කියලා සමස්ත දෙමළ ජාතියට වෛර කරන්න තරම් අංශුමාත්‍රයක හෝ හැඟීමක් මට නැහැ. ඔහු මගේ පියා ඝාතනය කරපු බව ඇත්ත. ඒකට ජාතිය එක්ක මට මොනවද ගන්න තියෙන්නේ?

තාත්තා නිතරම කියපු දෙයක් තමයි එක්කෙනෙක්ගේ, දෙන්නෙක්ගේ, කීපදෙනෙක්ගේ වරදක් නිසා හැමෝම ඒ ගොඩට දාන්න එපා කියන එක. මම ඒක පිළිපදිනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා පහුගිය පාස්කු ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් තරුණයින් කිහිපදෙනෙක්. හැබැයි ඒ ප්‍රහාර එල්ල කළ අයගේ ජාතිය හොයලා ඒ ජාතියට කවුරුහරි වෛර කරනවානම් ඒක වැරදියි. ශිෂ්ටසම්පන්න මනුස්සකම ඒක නෙවෙයි.

දැන් බලන්න සමගි ජන බලවේගයේ නායකයින්ට විවිධ අභූත චෝදනා එල්ල කරලා. දේශපාලන පලිගැනීම් වලට ලක්කරලා. අපේ ක්‍රියාකාරීන්ගෙන් පළිගන්න අයට අපි කියනවා, මේ අභියෝග වලට බයේ අපේ ගමන නතර කරන්නේ නැහැ කියලා.

ශ්‍රී ලංකාවේ ජන සමාජය බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය සහ බහු සංස්කෘතික ලක්ෂණවලින් සමන්විතයි. මේ රටේ ජනතාව අතර අසමගිය වපුරා තිබෙනවා. ආගම් අතර භේදභින්නකම් ඇති කොට තිබෙනවා. එක් එක් ජාතීන් අතර නොව එකම ජාතිය පවා විවිධ උපාය උපක්‍රම තුලින් බෙදා වෙන්කොට තිබෙනවා.

සමගි ජනබලවේගයේ අරමුණ සද්ජාතිකත්ව වැඩපිළිවෙළකට අනුව රට යළි ගොඩනැගීම සහ සද්ජාතිකත්වය තුළ නව සමාජයක් බිහි කිරීමයි. ජන සමාජයේ එකිනෙකා එකිනෙකා කෙරෙහි සැකයෙන් බියෙන් ජීවත් වෙනවා. එය වෙනස් කළ හැක්කේ ජාතිකත්වය සත්ජාතිකත්වයක් බවට පත්කිරීම තුළිනුයි. ඒ වෙනුවෙන් අපි කැපවෙන බව ස්ථිර ලෙසම පවසනවා.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට