සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇවන්ඩ්ගාඩ් සමාගම තමන්ට මුදල් දුන් බවට විජේදාස රාජපක්ෂ කරන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරනවා – එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu Jana Peramunaඇවන්ඩ්ගාඩ් සමාගම තමන්ට රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදී ඇති බවට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකළ චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඊයේ (03) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල රාජිත සේනාරත්න මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් අදහස් පළකර සිටියේය.

යළිත් මෙවැනි චෝදනාවක් කරන්නේ කුමන අරමුණකින් ද යන්න විජේදාස රාජපක්ෂල මහතාගෙන් විමසනවා. මෙවැනි චෝදනාවක් එල්ලකිරීම ගැන තමන් ඉදිරියේ දී විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරනවා. විජේදාස රාජපක්ෂ නැමැති දේශපාලන චරිතය මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකරන අයෙක්. දේශපාලන බලය ලබාගැනීමට අවශ්‍යව ඇති නිසයි රාජපක්ෂවරුන්ට ගැතිකම් කරන්නේ මේ විදියට.

යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් සිදුකළ ඝාතන සහ වංචා දුෂණ පිළිබඳව සොයාබැලීම සහ ඒ පිළිබදව රටට හෙළිකිරීමට කටයුතු කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට විජේදාස රාජපක්ෂළ මහතා ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. තමන්ට රාජපක්ෂ පවුල සමඟ කිසිදු පුද්ගලික තරහක් නෑ. තමන් සමඟ ගැටළුවක් ඇත්නම් සෘජුව තමන් සමඟ සටන්කරනු විනා මෙවැනි වැදගත්කමක් නොමැති පුද්ගලයින් ලවා තමාට එරෙහිව කටයුතු නොකරන්නැයි රාජපක්ෂවරුන්ට අවධාරණය කරනවා.

ඇවන්ගාඩ් සමාගමට එරෙහිව කටයුතු කළ සෑම පුද්ගලයෙකුටම එහි සභාපතිවරයා විසින් මුදල් ලබාදී තිබෙනවා. මීට වඩා චණ්ඩි සහ වැඩ්ඩන් සමඟ අප අතීතයේදී සටන් කළා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට