සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජපක්‍ෂවරුන් ඔවුන්ගේ සිනමා ශාලාව තුළ කඩවුණු පෙරොන්දුව තිරගත කරමින් සිටිනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හේමකුමාර නානයක්කාර

Podu Jana Peramunaබලයට පැමිණෙන විට ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල අද වනවිට කඩවුණු පෙරොන්දු බවට පත්කර ඇති රාජපක්‍ෂවරුන් ඔවුන්ගේ සිනමා ශාලාව තුළ මෙරට තුළ තිරගතවූ පළමු චිත්‍රපටයවූ කඩවුණු පොරොන්දුව යළිත් තිරගත කරමින් සිටින බවත් එම චිත්‍රපටය බුද්ධිමත් ලෙස නරඔන්නැයි ජනතාවට අවධාරණය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හේමකුමාර නානයක්කාර මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී නානයකාර මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී. මේ වනවිට රට පුරා ජනතාව තුළ පවතින්නේ “ජනතාව රැවටුනා,රටට වැරදුනා” යන කියමන පමණයි. කරුණා අම්මාන් රාජපක්‍ෂ පාර්ශවය නියෝජනය කරන ත්‍රස්තවාදියෙක්. ඔහු සිංහල රණවිරුවන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ධර්මලිංගම්, අමිර්තලිංගම් වැනි පුද්ගලයින් ඝාතනය කළ අයෙක්.

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙක් ලෙස පත්වූ මොහු අද නැගෙනහිර පළාත තුළ වෙනත් පක්ෂයකින් මැතිවරණයට තරඟ කරනවා. ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන්නැයි මහින්ද රාජපක්ෂ ඇතුළු එම ඒකාධිපති කණ්ඩායම නියෝගයක් ලබා තිබෙනවා. දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කිරීම හෙළා දකිනවා. මැතිවරණයේ දී යම් අවාසියක් සිදුවේ යැයි සිතා කරුණා අම්මාන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. වැඩකරන විරුවා ලෙස තමන්ව හඳුන්වමින් බලයට පැමිණි ජනාධිපතිවරයා රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ දී තමයි කරුණා අම්මාන පවසා ඇති අකාරයේ ඝාතන සිදුවුනේ. නමුත් ජනාධිපතිවරයා අද වනවිට ඔහු සමඟ කිරිබත් කෑමට සුදානම් වනවා. එය මෙරට රණවිරුවන්ට කරන දැඩි අසාධාරණයක්.

ජාතිවාදය සහ ආගම්වාදය ඇති කරමින් ඡන්දය ලබාගැනීමට මේ වගේ වැඩකිරීම ඉතා කණගාටුදායකයි. යුද්ධය අවසන් කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ගැන ජනතාව තුළ ප්‍රසාදයක් පැවතියත් අද වනවිට බලය සහ නිලය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාත් ත්‍රස්තවාදියෙකු වෙනුවෙන් පෙනී සිටිනවා. මේ නිසා ජනතාව තුළ ඇත්තේ රාජපක්ෂවරුන් ගැන දැඩි කලකිරිමක්. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට දෙමළ ජාතික සන්ධානයේ නායකයින් මරා දැමීමට අවශ්‍යතාවයක් පැවති බවත් ඒ සඳහා ලැයිස්තුවක් පවා සකස්කර තිබූ බවත් කරුණා අම්මාන් පවසා තිබුනා. එමෙන්ම අදාළ පිරිස ඝාතනය නොකිරිම ගැන කණගාටු වන බවද ඔහු පැවසුවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ ඝාතන සාධාරණිකරණය කරමින් නීතියෙන් තහනම් කර තිබෙන වෛරීය ප්‍රකාශ නිකුත්කළත් කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. කරුණා අම්මාන් සහ මැලේසියාවේ සිට ලංකාවට පැමිණි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල් බලය තිබූ කේ.පී. නැමැත්තාට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවුවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොල්දාදුවන් ලෙස කටයුතු කළ පිරිස් වලට පමණක් නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබාදීමට කටයුතු කළා. ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද සහ බැසිල් යන රාජපක්ෂකවරුන්ගේ දේශප්‍රේමීත්වය මේ වනවිට ලිප් බොක්කේ සැඟවිලාදැයි විමසා සිටිනවා. මේ වනවිට වියත් මඟ සංවිධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. වියත් මග අද වනවිට කියත් මඟ බවට පත්ව තිබෙනවා.

මහින්ද යාපා, ලක්ෂජමන් යාපා, ඩලස් අලහප්පෙරුම සහ කාංචන විජේසේකර යන ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින්ගේ දේශපාලන ගමන නිල්වලා ගඟට ඇද දැමීමට රාජපක්ෂවරුන් කටයුතු කිරීම කණගාටුදායකයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට