සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව බලයට පැමිණියේ ජාතිවාදී ප්‍රකාශ සිදුකිරීම තුළින් බව ජනතාව තේරුම්ගෙන අවසන් – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Podu Jana Peramunaජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනෙට්ටුව ඇතුළු රටේ ආයතන වෙන වෙනම කටයුතු කරමින් සිටින අතර ආණ්ඩුව නන්නත්තාරවී ඇති බව එමඟින් පෙනීයන බවත් කැබිනෙට්ටුව විශ්වාස නොකරන ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය සාධන බලකා පිහිටුවීම තුළින් සිය කටයුතු සිදුකරන බවත් මෙය රටට ඉතා අහිතකර තත්ත්වයක් බවත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි.ඊයේ (08) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල මුජිබර් රහුමාන් මහතා එහිදී පහත පරිදි තවදුරටත් මාධ්‍ය වෙත කරුණු දක්වන ලදී.

සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මේ වනවිට විවිධ බාධා සහ බලපෑම් එල්ලවෙමින් තිබෙනවා. මේ අනුව ඇතැම් පොලිස්ථාන සිය අභිමතය පරිදි අනුව කටයුතු කරමින් සිටින බව පෙනීයනවා. මැතිවරණ කොමිසමේ නිර්දේශ හරහා විපක්ෂයේ දේශපාලන කටයුතු වලට බාධා එල්ල කිරීමට ආණ්ඩුව, පොලිසිය යොදාගනිමින් සිටිනවා. නමුත් ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම්වලදී නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේ නෑ. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේත් නෑ.

මාධ්‍යයට විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පමණක් සිදුනොකොට අදාළ නීති සාධාරණව ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමයි.

තුනෙන් දෙකක බහුතර බලයක් ඉල්ලමින් මැතිවරණය ආරම්භ කළ ආණ්ඩුව, බලයට පත්ව ගතවූ මාස 08 ක කාලය තුළ බලයට පත්වන විට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුකරලා නෑ. අපගේ ආණ්ඩුව බලයට පත්ව ගතවූ දින 100 ක කාලය තුළ සිදුකළ කිසිවක් මාස 08 කදී හෝ ඉටුකර ගැනීමට නොහැකිව තමන් අසමත් යැයි පෙන්වා දී ඇති වත්මන් ආණ්ඩුව ඉදිරියටත් මේ ආකාරයටම කටයුතු කරාවි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුස්ලිම් අමාත්‍යවරුන්ට චෝදනා එල්ලකර දකුණේ මුස්ලිම් විරෝධයක් ඇතිකර ජනාධිපතිවරණය ජයගැනීමේ උත්සාහයක නිරතවූ ආණ්ඩුව බලයට පත්වී මේ දක්වා එසේ චෝදනා එල්ල කළ මුස්ලිම් අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.

එමෙන්ම මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලකළ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරලා නෑ. බලයට පැමිණි වහාම හම්බන්තොට වරාය යළි පවරා ගන්නා බව පැවසූ වත්මන් ආණ්ඩුව, අපගේ ආණ්ඩුව එම වරාය සම්බන්ධයෙන් චීනය සමඟ එළඹෙන ලද ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එකඟව තිබෙනවා.

එම්.සී.සී. ගිවිසුමට විවිධ චෝදනා එල්ලකළ වත්මන් ආණ්ඩුවේ පිරිස් මේ වනවිට නිශ්ශබ්දයි. ආර්ථික සැලසුකේ පිළිබඳ කිසිදු අදහසක් පළනොකරන ආණ්ඩුව කරුණා අම්මාන් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශ පිළිබඳ පමණක් විවිධ අදහස් පළකරමින් සිටිනවා. ජනතාවගේ කාලය නාස්ති කිරීමේ අරමුණින් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දැනුවත්භාවය ඇතිව හමුදා සාමාජිකයින් ඝාතනය කළ බවට ප්‍රකාශ කළ කරුණා අම්මාන් මෝඩයෙකු නොවෙයි.

ගෝඨාභය රාජපක්ෂණ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ පූජ්‍ය අතුරලියේ රතන හිමි මැතිවරණයෙන් පසු ආණ්ඩුව සමඟ හවුලේ කටයුතු කරනු ඇතැයි යන සැකය මතුවනවා. උන්වහන්සේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විවිධ ජාතිවාදී ප්‍රකාශ සිදුකර ජනාධිපතිවරණය ජයගැනීමට ආණ්ඩුව කටයුතු කළා. ජනතාව මෙම තත්ත්වය තේරුම්ගෙන තිබෙනවා. තමන්ට නොලැබෙන ඡන්ද, රතන හිමියන් ලවා ලබාගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය යනු සිරිකොත ගොඩනැඟිල්ල හෝ බෝඩ් ලෑල්ලක් නොවෙයි. පාක්ෂිකයින්යි ඇතුළු ප්‍රතිපත්ති තමයි පක්‍ෂය කියන්නේ. නව නායකයෙකු යටතේ නව ගමනක් එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය බව සියළුදෙනා තේරුම්ගෙන තිබෙනවා. අප එක්ව නිර්මාණය කළ ආණ්ඩු පවත්වාගෙන යාමට නායකත්වයට නොහැකිවුනා. ඒ අනුව නායකතුමා, එසේ අප පිහිටවූ ආණ්ඩු මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී විපක්ෂයට පැමිණියා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා ද අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට