සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව බහුතර බලයක් ඉල්ලන්නේ රටට කුමන සේවයක් සිදුකිරීමටදැයි විමසා සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන

Podu Jana Peramunaලක්‍ෂ 15 ක් පමණ වන මෙරට රාජ්‍ය සේවකයින් මෙන්ම ලක්‍ෂ 5 ½ ක් පමණ වන විශ්‍රාමිකයින් මෙවර මැතිවරණයේදී ඉතා කල්පනාකාරීව සිය ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි. ඊයේ (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ වජිර අබේවර්ධන මහතා එහිදී පහත පරිදි සිය අදහස් පළකර සිටින ලදී.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපතිවරයාට ලබාදී තිබූ අසීමිත බලතල පහළ දමා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළා. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ඇතිකර අධිකරණය, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත්කළා. 5/6 ක බලයකින්, පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 222 කගේ අනුමැතිය ඇතිව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළා.

වත්මන් ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලා සිටින්නේ ජනතාවටත් රටටත් කුමනාකාරයේ සේවයක් සිදුකිරීමටදැයි විමසනවා. එවැනි කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවයි ආණ්ඩුව එවැනි බලයක් ඉල්ලා සිටින්නේ. පැවති අපගේ ආණ්ඩු සමය තුළ මැතිවරණ 03 ක් පමණ පැවති අතර එහිදී කිසිවිටෙක සේවා අවශ්‍යතාවය මත යැයි පවසමින් රාජ්‍ය සේවකයින්ට ස්ථාන මාරුවීම් ලබානොදුන්න ද මේ වනවිට සේවා අවශ්‍යතාවය මත යැයි පවසමින් රාජ්‍ය සේවකයින්ට ස්ථානමාරුවීම් ලබාදෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

විශ්‍රාමිකයින්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබාදුන් 15% ක පොළී අනුපාතය, 8% ක් දක්වා පහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරලා. මෙවර මැතිවරණයේදී ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නේ නෑ. වැඩි ආසන ප්‍රමාණයක් ජයගෙන නව ආණ්ඩුවක් පිහිටුවන එක්සත් ජාතික පක්ෂයට, රාජපක්ෂවරුන් සමඟ කිසිදු ඩීල් දේශපාලනයක් නැහැ. ලෝක බැංකු වාර්තාවන්ට අනුව ලොව බංකොළොත්ම ආර්ථිකයක් පවතින රටවල් අතරට මේ වනවිට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට