සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වෙමින් පවතින බව පෙනීයනවා – මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ ක්‍රියාකාරී කමිටුව

Podu Jana Peramunaනිදහසේ සිය රාජකාරිය සිදුකරගෙන යාමට මෙරට මාධ්‍යවේදීන් හට පැවති අවස්ථාව කෙමෙන් කෙමෙන් ගිලිහීයමින් පවතින බවක් පෙනීයන බව මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ ක්‍රියාකාරී කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ ක්‍රියාකාරී කමිටුවේ සාමාජික මාධ්‍යවේදී තුෂාර වීරරත්න මහතා විසිනි.

මෙහිදී තුෂාර වීරරත්න මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

රටේ ප්‍රධානතම අධිකරණ පරිශ්‍රයකදී මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතාට නියොමාල් රංගජීව කියන පොලිස් නිලධාරියාගෙන් බලපෑම් එල්ලවූ ආකාරය මුළු රටම දුටුවා. ඒ අනුව මාධ්‍යවේදියෙකුට නිදහසේ සිය රාජකාරිය සිදුකිරීමට නොහැකි වාතාවරණයක් රට තුළ උද්ගතව තිබෙන බව ඉන් ගම්‍ය වුනා.

මෙය නිහඩව බලාසිටීමට නොහැකි තත්ත්වයක් විදියට පෙන්වා දිය හැකියි. අද එම මාධ්‍යවේදියාට වූ බලපෑම, ඊටත් වඩා ප්‍රබලව අනාගතයේ මෙරට අනෙක් මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදුවේවි. මාධ්‍යවේදින්ට නිල අවසරයත් හිමිව තිබෙනවා සිය කටයුතු වෙනුවෙන්. එවැනි පසුබිමක නියෝමාල් රංගජීව මහතාගේ හැසිරිම ඉතා ගැටළු සහගතයි. ඔහු සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් තිබෙනවා. එය රටම දන්නා කරුණක්. එහෙම විටකදී ඔහු මේ ආකාරයට හැසිරීම බරපතල අනතුරුදායක තත්ත්වයක්.

ඒ අනුව මෙසේ හැසිරීමට දේශපාලන ආශිර්වාදයක් හෝ වෙනත් උපකාරයක් පැවතිය හැකියි. අදින් පසු මෙවැනි සිදුවීම් නතර වියයුතුයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය, පොද්දල ජයන්ත මහතාට පහරදීම. ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම වගේ මෙරට ඉතිහාසය තුළ මාධ්‍යවේදීන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳ අපි හැමදාම කතාකරනවා. නැවත එවැනි සිදුවීම් නොවීම සඳහා ඒවාට එරෙහිව අප කටයුතු කළයුතුයි.

ඉදිරියට පේන්න නොපැමිණියත් මුහුණ පොත වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා ඉහත සිදුවීම පිළිබඳ විවිධ අදහස් පළවෙමින් තිබෙනවා. දෙනෝදාහක් දෙනා ඉදිරිපිට මේ ආකාරයට හැසිරෙයි නම් හෙට දවසේ මෙරට මාධ්‍යවේදීන්ට කොහොම සලකයි ද කියන ගැටළුව වගේම රටේ සාමාන්‍ය ජනතාවට කොහොම බලපෑමක් එල්ලවෙයිද යන ගැටළුව මතුවෙනවා. මෙම සිදුවීම බරපතල වරදක්.

ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් නීතිමය ලෙස කටයුතු කරන්න තිබුනා රංගජීව මහතාට. මොකද ඔහු පොලිස් නිලධාරියෙක්. මේ ආකාරයට මාධ්‍යවේදියෙකුට සැලකීම නින්දිත පහත් ක්‍රියාවක්. අප එය හෙලාදකිනවා. කිසිදු භේදයකින් තොරව මෙම සිදුවිම්ට එරෙහිව පෙනී සිටින්නැයි අපි මේ රටේ සියළුම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි මැතිවරණයක් ආසන්නයේ තිබියදී මෙවැන්නක් සිදුවීම ගැටළුකාරී තත්ත්වයක් බව ආණ්ඩුවට අවධාරණය කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග අල්විස් සහ මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට