සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට තුළ නැවත මාධ්‍ය මර්දනය ඇරඹිලා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ මෙරට මාධ්‍ය නිදහසට දැවැන්ත පහරක් එල්ලවෙමින් තිබෙන බවත් ලියාපදිංචි කළ සඟරාවක කරුණු පළකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තර්ජනය කිරීම මෙරට මාධ්‍ය නිදහසට එල්ලවන දැවැන්ත අහියෝගයක් බව හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී තවදුරටත් සිය අදහස් පළකළ අජිත් පී. පෙරේරා මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වන ලදී.

ශ්‍රී ලාල් ප්‍රියන්ත යනු ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ වසන් කළ තොරතුරු සහ එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් ගවේෂණාත්මකව කරුණු හෙළිකළ එඩිතර මාධ්‍යවේදියෙක්. තමන්ට එරෙහිව විවිධ පීඩාවන් එල්ලවුනත් ඒ මහතා අදත් එම කටයුතු සිදුකරමින් සිටිනවා. එවැනි තත්ත්වයක දී “ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ තවත් රහසක් එළියට” මැයෙන් ඊතලය සඟරාවේ පළවූ පුවතක් පිළිබඳ ප්‍රශ්න කිරීමට ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. මෙරට තුළ ලියාපදිංචි කළ සඟරාවක කරුණු පළකිරීම සම්බන්ධයෙන් මේ ආකාරයට මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තර්ජනය කිරීම සහ විමසීම මෙරට මාධ්‍ය නිදහසට දැවැන්ත අහියෝගයක් බව පෙන්වා දිය හැකියි.

පැවති අපගේ ආණ්ඩුව තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට පවතින අයිතිය මූලික අයිතියක් බවට පත්කරමින් තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වාදුන්නා. ඒ අනුව රට තුළ නැවත මර්දනය ආරම්භවී ඇති බව පෙනීයනවා.

තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ වනවිට ආරම්භවී ඇති අතර රාජ්‍ය සේවක ඡන්දයෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම, දීමනා මූලික වැටුපට එකතු කිරීමේ අවසාන අදියර, විශ්‍රාම වැටුප් විෂමතා අවසන් කරමින් සංශෝධිත විශ්‍රාම වැටුප් ලබදීම, දීමනා, අතිකාල ඇතුළු උත්සව අත්තිකාරම් යන සියල්ල කප්පාදු කරමින් රාජ්‍ය සේවකයාටම කොකා පෙන්නුවා.

මෙරට රාජ්‍ය සේවය ස්වාධීන කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ආණ්ඩුව මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සහ ඉහත පරිදි රාජ්‍ය සේවයේ විවිධ කප්පාදුකිරීම්වලට එකඟ නම් පොහොට්ටුවට ඡන්දය ලබා දෙන්නැයි රාජ්‍ය සේවකයාගෙන් අප ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කර අධිකරණය හමුවේ නඩුවක් පැවරුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමගි ජන බලවේගය නීත්‍යානුකූල සන්ධානයකැයි පිළිගන්නා බව පවසමින් ගාස්තුවකට යටත්ව එම නඩුව නිෂ්ප්‍රභා කළා. එසේ තිබියදී යළි වෙනත් ගැටළුවක් කරළියට ගෙනඒමට එම පිරිස කටයුතු කරමින් සිටිනවා. අපට සටනක් ඇත්තේ පොහොට්ටුව සමඟ පමණයි. අප ලබන නියත ජය වැළැක්වීම සඳහා රාජපක්ෂතවරුන් සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිදුකරන කුමන්ත්‍රණයේ කොටසක් ලෙස මෙම තත්ත්වය පෙන්වා දියහැකියි.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි සහ සමගි ජන බලවේගයේ ජාතික වෘත්තීය සමිති ලේකම් ප්‍රියන්ත පත්බේරිය යන මහත්වරුන් ද සහභාගිවී සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට