සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණයට ආසන්න නිසා ආර්ථිකයේ සැබෑ තත්ත්වය හෙළිකිරීමෙන් ආණ්ඩුව වැළකී සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaමෙරට ආර්ථික වර්ධන වේගය මේ වනවිට සෘණ 6.1 ක් බවට පත්ව ඇති අතර එය මහබැංකුවේ අභ්‍යන්තර වාර්තා වලින් සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලින් සනාථ කර ඇති බවත් මෙම තත්ත්වය හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුව ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. අද (31) සමගි ජන බලවේගයේ කාර්යාලයේදී මෙම අදහස් පළකළ හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් පහත පරිදි සිය අදහස් දක්ව ලදී.

මහමැතිවරණය පැවැත්වීම සඳහා පවතින්නේ දින කිහිපයක් වන නිසා සැබෑ තත්ත්වය රටට හෙළිකිරීමට කටයුතු කළහොත් ආණ්ඩුවට යම් අවාසියක් සිදුවනු ඇතැයි යන විශ්වාස මත සැබෑදත්ත හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. ජනතාව මුලාවට පත් නොකර සැබෑ තොරතුරු රට හෙලිකිරීමට කටයුතු කළයුතුයි.

කොරෝනා වසංගතය නිසා ඇතිවූ තත්ත්වයෙන් රටේ ආර්ථිකය සෘණ තත්ත්වයට පත්නොවුනත් ගෝඨාභය රාජපක්ෂන මහතා බලයට පත්වීමෙන් පසු මෙරට දැවැන්ත ව්‍යාපාරිකයින්ට ලබාදුන් බදු සහන නිසයි රටේ ආර්ථිකය මෙලස දැඩි අවධානමකට ලක්ව තිබෙන්නේ. පසුගිය යහපාලන ආණ්ඩුව ආර්ථිකය පිළිබඳ සත්‍යය කරුණු රටට හෙළිකලා. අද වනවිට රටේ උද්ගතව ඇති ආර්ථික තත්ත්වය තුළ ඉදිරියේ දී රැකියා සම්බන්ධව ප්‍රබල ගැටළුවක් මතුවිය හැකියි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජනතාව දැඩි ආර්ථික පීඩාවකට ලක්ව සිටින අවස්ථාවක රුපියල් 5000/- ක මුදලක් මාස දෙකක් ලබාදීම තුළින් ජනජීවිතය නඟාසිටුවීමට නොහැකියි. ඒ නිසයි සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේ රුපියල් 20000/- ක දීමනාවක් ලබාදිය යුතුයි කියා. එය ඒ මහතාගේ පුද්ගලික අදහසක් නොවෙයි. එවැනි මුදලක් පවුලක පැවැත්වට අවශ්‍ය බවට පළවු නියමිත සංඛ්‍යා ලේඛණ අනුවයි එම යෝජනාව ඉදිරිපත් කළේ.

සැමන් සහ පරිප්පු සඳහා බදු සහනයක් ලබාදුන්න ද මාසයක් ගතවන්නට පෙර සැමන් ටින් එකක් සඳහා රුපියල් 100 ක බද්දක් පැනවීමට කටයුතු කළා මේ ආණ්ඩුව. ජනතාවට සහන ලබාදිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් තුළින් පමණයි. වත්මන් ආණ්ඩුව මෙරට මුල්‍ය සංචිත ඇප ලෙස තබා ජාත්‍යන්තර වශයෙන් ණය ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා. පසුඟිය රජය කිසිම අවස්ථාවක එවැනි කටයුත්තක් සිදුකළේ නහැ.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂ රවී ජයවර්ධන මහතා ද අදහස් මාධ්‍ය වෙත සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට