සත්‍යයේ පුවත් අඩහැරය….

අනිවාර්යයෙන් තනි ආණ්ඩුවක් පිහිටුවනවා – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaරාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් 07 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් රාජ්‍ය ආයතන වලින් 90% ක හිමිකාරිත්වයක් ගැසට් කිරීමට මෙන්ම යළි රාජපක්ෂ‍ පවුලේ පිළිකනුවල ලෙවකන පිරිසක් බවට පත්වීමට මෙරට ජනතාව අකමැති බැවින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂය මහතාට ලබාදුන් ඡන්දය මෙවර මැතිවරණයේදී මිරිස් කුඩු, එතනොල් සහ කසිප්පු කණ්ඩායම් වලට නොලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. අද (31) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ එස්.එම්. මරික්කාර් මහතා එහිදී තවදුරටත් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින රටවිරුවන්ගේ, දීමනා කප්පාදුව නිසා වීදී බැස සිටින සුවවිරුවන්ගේ, ඉලලීම් ඉටුකරන බවට පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දු ඉටුවී නොමැති රණවිරුවන්ගේ, ගිණුම්වල පොළිය පහළ දැමීමෙන් පීඩාවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ, අතිකාල නොලැබෙන රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම වැඩිකළ වැටුප හිමිනොවූ විශ්‍රාමිකයින්ගේ ඡන්දය නොලැබෙන බැවින් ජනාධිපතිවරණයේදී හිමිවූ හැටනව ලක්ෂයක ඡන්දයෙන් 30% ක් පමණ මෙම මැතිවරණයේදී තමන්ට නොලැබෙන බව ආණ්ඩුව හොඳින් දන්නවා.

පසුගිය ජනාධිපතිවරණයේදී අපගේ කණ්ඩායමට හිමිවූ පනස්හය ලක්ෂයක ඡන්ද ප්‍රමාණයෙන් බැංකු කණ්ඩායමට ලක්ෂ 03 ක් සහ දමිළ ජාතික සන්ධානයට ලක්ෂ 07 ක් වැනි ප්‍රමාණයක් හිමිවී ආණ්ඩුවට හිමිවූ හැටනව ලක්ෂයෙන් 5% ක් පමණ ලැබී දමිළ ජාතික සන්ධානය නොමැති තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයට හැකිවන බව පැවසිය හැකියි.

විනය පරීක්ෂණ පවත්වන බව සහ පක්ෂ සාමාජිකත්වය ඉවත්කළ බව පවසමින් අපගේ පැරණි කණ්ඩායම මාධ්‍ය සංදර්ශන පවත්වනවා. ඔවුන්ගේ මණ්ඩලය කචල්වී තිබෙන්නේ. ගරාවැටුනු වලව්වක අම්මණ්ඩිලා හැසිරෙන ආකාරයක් එහි දක්නට ලැබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයට දිවයිනෙන්ම ආසන 05 ක් පමණක් ලැබේවි. අපි තනි ආණ්ඩුවක් නිර්මාණය කරනවා. එය ස්ථිරයි.

අපගේ කණ්ඩායමේ සිටින පිරිස 100% ක්ම යහපත් පිරිසක් බව තමන් කිසිදු ස්ථානයක පවසා නෑ. දැනට සිටින යහපත්ම හොඳම කණ්ඩායම අපගේ කණ්ඩායම බව පමණක් පැවසිය හැකියි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය පාලන සමයේදී ජනසවිය වැඩසටහන තුළින් මෙරට පවුල් සඳහා රුපියල් 2500/- ක දීමනාවක් ලබාදීමට තීරණය කළා. එහිදී එවැනි දීමනාවක් ලබාදෙන්නේ කෙසේදැයි ලෝක බැංකුව පවා විමසුවා. නමුත් රණසිංහ ප්‍රේමදාස මහතා ගැටළුවකින් තොරව එම දීමනාව ලබාදුන්නා.

පීඩාවට පත්ව සිටින ජනතාවට රුපියල් 20000/- ක දීමනාවක් ලබාදිය යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතා පවසන අතර වලව් හෝ රදළ මානසිකත්වයක් ඇත්නම් මෙවැනි දීමනාවක් ලබාදිය නොහැකියි.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක නිරෝෂා අතුකෝරළ මහත්මිය ද පහත පරිදි අදහස් දක්වන ලදී.

මෙරට අනාගතය තීරණය වීම සඳහා තවත් දින 04 ක කාලයක් පමණක් පවතිනවා. රට ආපස්සට ගමන්කරනවා ද නොමැතිනම් ඉදිරියට ගමන්කරනවා ද යන්න මෙරට ජනතාව විසින් තීරණය කළයුතුව තිබෙනවා. පවුල්වාදයෙන් යුත් ඒකාධිපතිවාදය රජකරවන රාජපක්‍ෂ කඳවුර සහ දුප්පත් ජනතාවගේ දහදිය සහ කඳුළු හඳුනන සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුර යනුවෙන් කඳවුරු දෙකක් පමණක් අදවන විට රට තුළ පවතිනවා.

පවුල් කාමයෙන් උමතුව සිටින රාජපක්ෂ කඳවුර දිනවා රට ආපසස්ට ගෙනයනවා ද නැතහොත් දුප්පතුන් දිනවන සජිත් ප්‍රේමදාස කඳවුර දිනවා රට ඉදිරියට ගෙනයනවාදැයි ජනතාව විසින් ලබන 05 වනදා තීරණය කළයුතුයි. තමන්ට එරෙහි ඕනෑම පුද්ගලයෙකුට ලේබල් ඇලවීමට ඉතා දක්ෂ රාජපක්ෂණවරුන් ඕනෑම ජඩ වැඩක් කරන සිය කණ්ඩායමේ අයෙක් බේරාගැනීමට කළයුතු ඕනෑම කාර්යයක් සිදුකරනවා. බුවනෙකබාහු රජතුමාට ද ලේබලයක් ඇලවීමට මෙම පිරිස කටයුතු කරන ලද්දේ ඒ අනුවයි. මෙම තත්ත්වයට අප දැඩිව විරුද්ධ බවත් මෙම තත්ත්වය හැකි ඉක්මනින් මෙරටින් තුරන් කළයුතුව තිබෙන බවත් එම තීරණය ලබන 05 වනදාට ගතහැකියි. රාජපක්‍ෂවරුන් විසින් ජාවාරම් දේශපාලනය මෙරටට හඳුන්වාදීම නිසා ජනතාවට දේශපාලනය එපාවී තිබෙනවා.

ඒකාධිපති, පවුල්වාදී රාජපක්ෂ පාලනය තුරන්කරවීමට කටයුතු කරන්නැයි රටට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට ඉදිරියට ගෙනයාම සඳහා නිසි සැලැස්මක් නොමැති රාජපක්ෂීවරුන් ඇතුළු ආණ්ඩුවේ පිරිස් පවසන්නේ එකක් සහ කරන්නේ වෙනත් යමක්. අද වනවිට රට පුරා විවිධ විරෝධතා සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෙම උමතු පවුල්වාදයට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දුරකථනය ජයග්‍රහණය කරවන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට