සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට පළමුවරට කොරෝනා ආසාදනයවු ගර්භනී කාන්තාවක් දරුවකු බිහිකරයි…

Podu Jana Peramunaකොවිඩ් 19 ආසාදනයවී සිටි ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කර තිබෙනවා. ඩුබායි සිට පසුගිය මස 10 වෙනිදා මෙරටට පැමිණි මෙම ගර්භනී කාන්තාව නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති අතර වෛද්‍යවරුන් විසින් මෙම ගර්භනී කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටි කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන් සඳහා වෙන් කොට ඇති විශේෂ ඒකකයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙම කාන්තාවගේ දරුප්‍රසූතිය සාමාන්‍ය එකක් නොවන බැවින් එම විශේෂ ආකාරයේ සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඊට එක්ව ඇත.ඊට අමතරව ක්‍ෂුද්‍ර ජීවි වෛද්‍යවරුන් ද ඊට එක්ව සිටිය බව නැගෙනහිර කොළඹ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම දරුප්‍රසූතිය සාර්ථකව සිදු ඇති අතර එම දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දැයි බැලීම සදහා දරුවාගේ සාම්පල් PCR පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවයි රෝහල් වෛද්‍යවරුන් සඳහන් කළේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට