සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වීම රටට සුදුසු තත්ත්වයක් නොවන බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා – හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව තුළ පණ ඇති කොන්දකින් තොරව දියාරු දේශපාලනයක නිරතවූ පිරිස මෙරට ජනතාවගේ සිත්තුළට කෙතරම් කාවැදී ඇත්දැයි මෙවර මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පෙනීයන බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පක්ෂ දෙකකින් පත්වීම රටට සුදුසු තත්ත්වයක් නොවන බව ජනතාව තේරුම්ගෙන ඇති බවත් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. අද (11) සමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

එස්.එම්. මරික්කාර් මහතා මෙහිදී පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පමණක් දෙවැනි කොට තමන්ට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තුතිය පළකරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අත්බෑගය සහ එහි ඇති ඔරලෝසු සම්බන්ධයෙන් සෙවීමට යාම නිසා 2001 දී බලයට පත්වූ ආණ්ඩුවට ඇණගැනීමට සිදුවුනා. යහපාලන ආණ්ඩුවේදී ජනාධිපතිවරයා බවට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ගමරාළ යන නාමය පටබැඳ ජනාධිපතිධූරයේ නිසි ගෞරවය ලබානොදීම නිසා දෙවන වරටත් කඹ ඇදීමක් සිදුවුනා.

රටේ අවාසනාවකට මෙන්ම සජිත් ප්‍රේමදාස යනු වැඩකළ හැකි මෙන්ම ජනතාව වෙනුවෙන් පෙනීසිටින නායකයෙකු බව තේරුම්ගැනීමට ජනතාවට නොහැකිවුනා. ආණ්ඩුව නිසිලෙස කටයුතු කරන්නේදැයි විමසිල්ලෙන් සිටිමින් ආණ්ඩුව එලෙස නිසි පරිදි කටයුතු නොකරන්නේ ඊට එරෙහි වෙමින් රටට සුදුසු කටයුතු සඳහා අනිවාර්යයෙන්ම සහාය ලබාදී ජන මතයට ගරුකර විපක්‍ෂයේ කාර්යය මැනවින් ඉටුකරන බව අප අවධාරණය කරනවා.

තුනෙන් දෙකෙහි බලයට මුවාවී ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි කුඩා කුඩා කොටස් අල්ලාගනිමින් සිය හෙංචයියන්ට විවිධ තනතුරු ලබාදීමට ආණ්ඩුව කටයුතු කළහොත් මෙන්ම මෙරට සම්පත් සින්නකරව විකුණාදැමීමට උත්සාහ කළහොත් ඊට එරෙහිවනවා.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවා බලය ලබාගැනීමට බණ්ඩාරනායක මහතාට වසර 04 ක කාලයක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා බලය ලබාගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට එවැනිම කාලයක් ගතවුනා. ප්‍රධාන පක්ෂ දෙකකින් ඉවත්වූ කණ්ඩායම් දෙකක් රටේ ආණ්ඩුව ලෙසත් විපක්ෂය ලෙසත් කටයුතු කරන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටයි.

මෙවර මැතිවරණයෙන් නව මුහුණු රැසක් ජයග්‍රහණය කර තිබෙනවා. තරුණ පිරිසට ඉන් අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ අනුව 2024 වන විට නිර්මාණශීලි, නව ඡන්ද වැඩිවේවි. ඒ නිසා නව තාක්‍ෂණය ඔස්සේ සිය සංවිධාන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වනවා. ඉතා කෙටි කාලයකින් ලද බැවින් අපගේ ජයග්‍රහණය අතිවිශිෂ්ට ජයක් ලෙස හැඳින්විය හැකියි.

ජන මනස පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසට මැතිවරණයේදී ජනතාව විසින් තදබල පිළිතුරක් ලබාදී තිබෙනවා. ගොඩනැඟිලි, ඉඩම් තබාගෙන ඊට පක්ෂ මූලස්ථානය යැයි පවැසීමෙන් පමණක් පළක් නොවන බව එම පිරිසට අවධාරණය කරනවා. 1994 දී භාරගන්නා විට 43% ට වැඩියෙන් ඡන්ද පදනමක් පැවති එක්සත් ජාතික පක්‍ෂයේ එම ඡන්ද පදනම 2% යි දශම ගණනක් තෙක් පහළදමා භාරදීයාමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අප දැඩි කණගාටුවට පත්වනවා. නව රටක් බිහිවීමට තිබූ අවස්ථාව මේ අනුව අහිමිව ගොස් තිබෙනවා.

2% ක පමණ ඡන්ද පදනමක් ඇති පක්ෂයක නායකයින් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ නොවන පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. පාක්ෂිකයාගේ හැඟීම් දැනීම් තේරුම්ගන්නා තෙක් ඔවුන්ට ඉදිරි දේශපාලන ගමනක් නැ. පාක්ෂිකයා සිටින්නේ අපගේ කණ්ඩායම සමඟයි. ඒ අනුව අප නිර්මාණාත්මක විප්ලවයක් සමඟ ඉදිරියට ගමන් කරනවා.

ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන් පත්කිරීමේදී සුළු දේශපාලන පක්ෂ පිළිබඳව ද යම් අවධානයක් යොමුකරන ලෙස මනෝ ගනේෂන් මහතා යම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නොව පුද්ගලිකව පමණක් ඒ සම්බන්ධයෙන් අදහස් පළකළ හැකියි.

ඒ අනුව විශාල පිරිසක් සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්ව මනාප ලබා ජයග්‍රහණය කරනවා. ඕනෑම අයෙකුට එහිදී එවැනි වෙනම කුමක් හෝ අටවාගෙන තමන්ට ද එකක් අවශ්‍යයැයි පැවසිය හැකියි. සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන්ගෙන් නාමලේඛනය නිසි කාලය තුළ සකස් කර යැවීමට කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳ අප තුළ කිසිදු හැඟීමක් නෑ.

පසුගිය මාස 06 තුළ එක්සත් ජාතික පක්ෂය හුස්ම ගත් ඔක්සිජන් බටය මේ වනවිට ගලවා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය හැර වෙනත් කිසිදු වැඩපිළිවෙලන් සමගි ජන බලවේගය තුළ ක්‍රියාත්මක කරන්නේ නෑ. ඩීල්කරුවන් සහ සොරුන් සමඟ එක්වීමට මෙන්ම ලද ජනතා වරම අවභාවිතා කිරීමේ කිසිදු අවශ්‍යාතාවයක් අපට නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට