සත්‍යයේ පුවත් අඩහැරය….

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන අධ්‍යයනය කරමින් සිටිනවා – මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අධ්‍යයනය කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට ලිපි තුනක් ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

පුජ්‍ය අතුරලියේ රතන හිමියනගෙන් සහ පක්ෂයේ සභාපතිවරයාගෙන් ලිපි දෙකක් ලැබී ඇති අතර පක්ෂ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන්ගේ ලිපි වලංගු නොවන්නේ යැයි සඳහන් කරමින් අදාළ ලිපි යොමුකර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගෙන් මැතිවරණ කොමිසම වෙත තෙවැනි ලිපිය ලැබි ඇත. මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබුනු එකම ජාතික ලයිස්තු මන්ත්‍රිධූරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කර ඇතත් එය දැනුම් දීමේදී නෛතික ගැටලු කිහිපයක් මතුව ඇතැයි මේ වනවිට වාර්තා වේ. අපේ ජන බල පක්ෂයේ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමේ වගකීම හිමි පක්ෂ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට