සත්‍යයේ පුවත් අඩහැරය….
cartoon
cartoon

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරග ගැන නවතම විස්තර මෙතැනින්..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

විදුලි බිලට එරෙහිව දැවැන්ත පෙළපාලියක් කැම්බල් පිටියේ සිට කොළඹට..

බොදු බල සේනා‍‍…

ඉල ඇදෙනකම් හිනා වෙන්න…

ජනපති රැසියාව බලා පිටත්ව යයි..

mahinda rajapaksha new photoජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද(16) උදෑසන රුසියාව බලා පිටත්ව ගිය බව අප වෙත වාර්තා වේ. රුසියාවේ පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන 15වන ජාත්‍යන්තර ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය අතර එම සමුළුව අද(16) සිට ලබන 18වනදා දක්වා පැවැත්වෙනු ඇත. ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද එක්ව සිටිති. මෙම සංචාරයේ දී ජනාධිපතිතුමා සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් සමඟින් ද ද්වි පාර්ශවික සාකච්ඡාවන්හි නිරත වීමට නියමිතය. මේ සමුළුවට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ ප්‍රථම වතාවට ය. ‘නව යුගයක් සඳහා නැගී එන නායකත්වය’ යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන සමුළුවේ දී ගෝලීය වර්ධනය සාක්ෂාත් කර ගැනීම, රුසියාවේ නැගී එන ප්‍රාග්ධන නිර්මාණශීලීව යොදා ගැනීම සහ තාක්ෂණයේ නිම්වළලු පුළුල් කිරීම යන කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරනු ඇත. එසේම වත්මන් ගෝලීය ආර්ථික අර්බුද පිළිබඳ සමුළුවේ විශේෂ අවධානය යොමු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

 

මැයි 2013
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට