සත්‍යයේ පුවත් අඩහැරය….
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඊයේ (15) බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගෙහි ජනතාව හමුවෙමින් පවසා සිටියේ ‘‘අද මනුස්සකම සම්පූර්ණයෙන්ම බැහැර කරලා විශේෂයෙන් ජනතාවගේ දුක කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඉවත් කරලා හිතාමතාම බලහත්කාරීව බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගෙහි ජීවත් වන ඔබලාව මේ ස්ථානයෙන් ඉවත් කරන්න මේ ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ගයට අපි අනිවාර්යෙන්ම ජනතාව සමඟ ඉඳගෙන ජනතාව වෙනුවෙන් සටන් වදින්න සූදානම්’’ බවයි. එම අවස්ථාවට පා.ම සුජීව සේනසිංහ ද සහභාගී වී සිටි අතර එම ස්ථානයට සජිත් ප්‍රේමදාස ගියේ බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගෙහි පදිංචි ජනතාව ඉවත් කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡා කිරීමටය.