සත්‍යයේ පුවත් අඩහැරය….
ද්විතීයික පාසැල් 1000ක මානව සම්පත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ගුරුවරුන් 3000ක් බඳවා ගැනීම සඳහා මේ දිනවල උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ප්‍රාථමික පාසැල් ජාලය පෝෂණය කිරීම සඳහා ද්විතීක පාසැල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංග්‍රීසි සහ විද්‍යාව හා ගණිතය සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට මෙම ගුරුවරුන් බඳවා ගැනේ. මේ යටතේ තොරතුරු තාක්ෂණය සඳහා 1000ක් ද ඉංග්‍රීසි භාෂාව සඳහා 1000ක් ද විද්‍යාව හා ගණිතය සඳහා 1000ක් ද ලෙස පවත්නා පුරප්පාඩුවලට අනුව මෙම උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනේ.