සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“කරූගෙන් අලුත් පක්ෂයක්” මැයෙන් දිවයින පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පදනම් විරහිතයි – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

Podu “කරූගෙන් අලුත් පක්ෂයක්” යන සිරස්තලය යටතේ අද (27) දින ඉරිදා දිවයින පුවත්පතෙහි පළව තිබෙන ප්‍රධාන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ ලේකම් පාලිත ලිහිණි කුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එම පුවතෙහි ඇතුළත් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුළු බවයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතානායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ නව දේශපාලන පක්ෂයක් පිහි⁣ටුවීමට සූදානම් බව සඳහන් කරමින් අදාළ ප්‍රවෘත්තිය පළකර ඇති බවත් කරු ජයසුරිය මහතාට හෝ තම සංවිධානයට නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමේ කිසිදු අරමුණක් නොමැති බව ද අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යනු ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන යුක්තිය, සාධාරණය රජයන ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා පූර්ණ වශයෙන් කැපවන බහුජන සංවිධානයක් බවත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා වන කිසිඳු අරමුණක් ඊට නොමැති බව ද මෙම නිවේදනය තුළින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට