සේවකයින්ට කොරෝනා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානය වැසෙයි..
ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානය, සෞඛ්‍ය හේතුන් මත දින කිහිපයක් වසා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. එහි සේවයේ නියුතු නිලධාරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.