සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා සහ මත්කුඩු වසංගත සාර්ථකව පාලනය කර ලබාගත් කීර්තිනාමය, අපකීර්තියක් බවට පත්කර ගන්න එපා, කරූ ආණ්ඩුවට අවධාරණය කරයි..

Podu හැටනව ලක්‍ෂයක ජනතාවක් සිය ඡන්දය ලබාදී වත්මන් ආණ්ඩුව බලයට පත්කළ ද තවත් හැට දෙලක්‍ෂයක පිරිසක් වෙනත් මතයක සිට කටයුතු කළ බැවින් සාකච්ඡා කර රටට හිතැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කොරෝනා සහ මත්කුඩු වසංගත සාර්ථකව පාලනය කර ලබාගත් කීර්තිනාමය, අපකීර්තියක් බවට පත්කර නොගෙන නිසි අධ්‍යයනයකින් යුතුව කටයුතු කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ (29) කොළඹ, ජානකී හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල කරූ ජයසූරිය මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වන ලදී.

මෙම අවස්ථාව ඓතිහාසිකයි. රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ ආරම්භයක් මෙය. අපේ මේ උත්සාහය ආණ්ඩුව පෙරළීමට, අපහසුතාවයට පත්කිරීමට හෝ තනතුරු ලබාගැනීමට හෝ නොවෙයි.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ රට ව්‍යසනයක් කරා ගමන් කරවන, ජනතාවගේ අයිතීන් තනි පුද්ගලයෙකුට ලබාදීමේ උත්සාහයක්. නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එවැනි අයහපත් බලාපොරොත්තුවකින් එම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට කටයුතු කරනු ඇතැයි අප සිතෙන්නේ නෑ. නමුත් එම යෝජනාවලිය තුළ අන්තර්ගත කරුණු සාමාන්‍ය පුද්ගලයින් බියට පත්කරවන සුළුයි.

විධායක ජනාධිපතිධූරය හඳුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශාල ලෙස විවේචනයකට ලක්වුනා. පිරිසක් ඊට පක්ෂවත් බහුතර පිරිසක් ඊට එරෙහිවත් අදහස් දැක්වූ නිසා එම ව්‍යවස්ථාව යෝජනා කළ එක්සත් ජාතික පක්ෂය විසින්ම විධායක ජනාධිපතිධූරය අහෝසි කළයුතු යැයි 1995 දී ඒකමතිකව සම්මත කරගත්තා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව පැවති සෑම ජනාධිපතිවරණයකදීම ඉදිරිපත්වූවත් එය ක්‍රියාත්මක වුනේ නෑ.

ජනාධිපතිවරයා සතුව පැවති අසීමිත බලතල හේතුවෙන් 2015 වනවිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ලෙස හානි සිදුවුනා. මෙරට පැවති දූෂිතම මැතිවරණය වූ 1999 දී පැවති වයඹ මැතිවරණයෙන් පසු තත්ත්වය නිසිලෙස තේරුම්ගත් සිවිල් සමාජය ඊට එරෙහිව ඉදිරියට පැමිණියා. ඒ අනුව එම හඬට කන්දෙමින් ආගමික නායකයින්, සිවිල් සංවිධාන, වෘත්තිකයින්, බුද්ධිමතුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සාකච්ඡාකර සමාජය නිර්දේශපාලනය කිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ සඳහා මමත් දායකත්වය ලබාදුන්නා. ඒ අනුව තමයි 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යෝජනා වුනේ. රට තුළ විශාල වෙනසක් ඇතිකරමින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා පොලිස් නිලධාරීන්ට ඇතුළු රාජ්‍ය සේවකයින්ට ආත්ම ගෞරවයෙන් යුතුව සිය කටයුතු සිදුකරගෙන යාමේ පරිසරයක් ඇතිකිරීමට 17 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් හැකිවුනා.

පසුව බලයට පත්වූ ආණ්ඩුවේ කටයුතු හමුවේ ස්වාධීන කොමිෂන් සභා දුර්වල වුනා. පසුව 2015 දී රට තුළ නියම වෙනසක් සිදුවෙමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ හඬ ඉදිරියට පැමිණියා. යහපාලන රජය බිහිවූයේ ඒ අනුවයි. මේ වනවිට ආණ්ඩුව සිතුවාටත් වඩා විශාල ලෙස 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළව තිබෙනවා. ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් 32 ක් ඉදිරිපත් වෙලා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවීමට හේතු රැසක් පවතිනවා. ඉන් කරුණු 06 ක් පමණ ඉතා බරපතලයි.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පාර්ලිමේන්තුවට වගනොකියන ජනාධිපතිවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රූකඩ බවට පත්වීම, කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී අගමැතිවරයා සතුව පැවති බලය අහෝසිවීම සහ වසරක කාලයකින් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආදී කරුණු හේතුවෙන් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත්වනවා. ජනතාවට සහ අධිකරණයට වගනොකියන තත්ත්වයකට පත්වන ජනාධිපතිවරයා අසාමාන්‍ය පාලකයෙකු බවට පත්වනවා. පාර්ලිමේන්තුව සතුව පවතින මූල්‍ය පාලන බලය ද පාර්ලිමේන්තුවට අහිමිව යනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාව වගකීම් රැසකින් ඉවත්කර ඇති අතර කොමිෂන් සභාවන්හි සාමාජිකයින් සහ රටේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා. මෙය සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි අහිතකර තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩුකරමින් මැතිවරණ සමයකදී රාජ්‍ය දේපළ අහිතකර ලෙස භාවිතා කිරීමට එරෙහිව නඩු පැවරීමට සහ රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් මැදිහත්වීමට ඇති බලය මැතිවරණ කොමිෂන් සභාවට අහිමිවනවා. දේශපාලන නායකත්වයක් තෝරාගැනීමේදී තමන්ට රිසි ලෙස කටයුතු කිරිමට ජනතාවට අයිතියක් තිබිය යුතුයි. එය මූලික අයිතිවාසිකමක්. නමුත් ඉහත තත්ත්වයන් හමුවේ එම අයිතිය ජනතාවට අහිමිව යනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විගණන හා ප්‍රසම්පාදන යන කොමිෂන් සභා සම්පූර්ණයෙන්ම අහෝසි වනවා. විනිසුරුවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවීම තුළ අධිකරණයේ ස්වාධීනත්වය අහිමිවීම රටට සිදුවන විශාල අයහපතක්. ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළින් පත්වීම් සිදුකිරීමේදී ජනාධිපතිවරයාගේ අයිතියට කිසිදු ගැටළුක් ඇතිවූයේ නෑ. ජනාධිපතිවරයා විසින් ලබාදුන් නම් අදාළ තනතුරු සඳහා සුදුසු ද නුසුදුසු ද යන්න තීරණය කර නිර්දේශ කිරීම එම මණ්ඩලය හරහා සිදුවුනා. සාධාරණ සමාජයක් ඇතිකිරීම අපගේ මූලික අරමුණ වන බැවින් අප නිර්දේශපාලනිකව කටයුතු කරනවා. ජනතාවට පොරොන්දුවූ ලෙස සියළුදෙනාගේ අදහස් විමසා නව ව්‍යවස්ථාවක් ගෙනඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් අප ඉල්ලා සිටිනවා. ඒ අනුව ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කර එම කටයුතු සිදුකළ හැකියි.

මෙම අවස්ථාව සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්ත, මනෝ ගනේෂන්, හිටපු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග, දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජික සුනිල් ජයසේකර සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් පාලිත ලිහිණිය කුමාර
යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට