සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවට ඇත්තේ කෙසේ හෝ 20 සම්මත කරගැනීමේ වුවමනාව මිස ගැටළු විසඳීමේ වුවමනාව නොවෙයි – සමගි ජන බලවේගය

Podu ආණ්ඩුවට ඇත්තේ කෙසේ හෝ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේ වුවමනාව මිස රටේ ගැටළු විසඳීමේ වුවමනාව නොවන බවත් අනාගතයේදී රටතුළ මර්දනකාරී තත්ත්වයක් ඇතිවීමේ පෙර ලකුණු මතුවෙමින් තිබෙන බවත් සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. ඊයේ (29) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉමිතියාස් බාකීර් මාකර් මහතා මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව තුට්ටුවකට හෝ මායිම් නොකරන තත්ත්වයක් ඇතිවුනා. මෙම සංශෝධනය පිළිබඳ ආණ්ඩුව තුළම විරෝධතා එල්ලවෙමින් පවතිනවා. කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේ ආකාරයට කටයුතු කරන්නේ නෑ.

ඒකාධිපති පාලකයින් කටයුතු කළ ආකාරය පිළිබඳ ලොව රටවල් තුළ උදාහරණ රැසක් පවතිනවා. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ක්‍ෂේත්‍ර තුළ බල තුලනයක් අවශ්‍යයි. නමුත් මේ වනවිට එම තුලනය අහෝසි කර විධායකයට පමණක් බලය ගමන් කරමින් තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවන තත්ත්වයක් ඇතිවනවා. ජනාධිපතිවරයා මහජන මුදල් පරිහරණය කරන ආකාරය සහ අගමැති සහ ජනාධිපති කාර්යාල ද විගණනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවනවා. පසුගිය ආණ්ඩු සමයේදී විගණකාධිපතිවරයා කටයුතු කළ ආකාරය දෙස අවධානය යොමුකරන්නැයි සියළුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා තුළ ජනතාව සම්බන්ධයෙන් වන වගකීමක් නොමැති තත්ත්වයක් උදාවේවි. ඒ නිසා ජනතාව අවදි වියයුතුව තිබෙනවා. මෙරට මාධ්‍ය ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ද යම් කණගාටුවක් පවතිනවා. ඇතැම් මාධ්‍ය පාලකයින්ට අවශ්‍ය ලෙස ජනතාවගේ ඔළු සේදීමේ කටයුතු සිදුකරමින් සිටින බවක් පේනවා.

රටට නීතියක් හෝ චක්‍රලේඛ අවශ්‍ය නොවන බවක් පෙනීයමින් තිබෙනවා. ජනාධිපතිවරයාගේ වචනයට අනුව පමණක් කටයුතු කිරීමට රාජ්‍ය සේවකයින්ට සිදුවෙලා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිපතිවාදය යන කඳවුරු දෙකෙන් එකක් තෝරාගැනීමට ජනතාවට සිදුව තිබෙනවා. ප්‍රතිපත්තියක් නොමැති පිරිසක් ලෙස කටයුතු නොකර සිය වගකීම් නිසිලෙස ඉටුකරන්නැයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇරඹූ ගමන ආපස්සට නොහරවා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට එක්වන ලෙස සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ද සහභාගි වෙමින් සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට