සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

19 න් ඇතිකළ ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්‍ෂවරුන් විනාශ කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට ලබාදුන් අයිතීන් මේ වනවිට විනාශ වෙමින් පවතින බවත් ත්‍රස්තවාදී මැර කල්ලි ආයුධ සහ ගල් මුල් සියතට ගෙන කතාකරන, වැඩකරන යුගයක් ආරම්භ වී තිබෙන බවත් සමගි ජන බලවේගය පවසා සිටියි. ඊයේ (30) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ඒ මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටියේය.

දැන් ඒකාධිපති පාලනයක් කරා රට ගමන්කරමින් තිබෙන බව පෙනීයනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පෙන්වන විපක්ෂයේ නායකයාට රැස්වීමේ නිදහස අහිමිව යමින් තිබෙනවා. රජයේ මැර කල්ලි ඊයේ රත්මලාන ප්‍රදේශයේ පැවති විපක්ෂ නායකවරයාගේ රැස්වීමකට බාධා කිරීමෙන් ඒ බව මනාව පෙනීයනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇතිකළ ජ්‍රජාතන්ත්‍රවාදය රාජපක්‍ෂ පාලනය විසින් විනාශ කරමින් සිටිනවා.

මරණ දඬුවම හිමිවූ පුද්ගලයින් පාර්ලිමේන්තුවට කැඳවීමට පවා වත්මන් පාලකයින් කටයුතු කරලා. එක් රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක වන්නේදැයි ආණ්ඩුවෙන් විමසා සිටීමට සිදුවනවා. තනතුරු පිළිබඳ නොසිතා නිසි ලෙස රාජකාරි සිදුකර ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය සුරැකීමට කටයුතු කරන්නැයි පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක හෝ අපගේ පාලනය පැවති සමයකදී මෙලෙස විපක්‍ෂ නායකයාට කරදරයක් සිදුවූයේ නම් ඊට වගකිවයුතු පිරිස් නීතියේ රැහනට හසුකරගන්නවා ඉතා ඉක්මනින්ම.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන පොලිස් කොමිසම අහෝසි කිරීමේ ප්‍රතිඵල මේ වනවිට කරළියට පැමිණෙමින් තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් පාර්ලිමේන්තුවට ගෙනැවිත් විවාදයට බඳුන් කිරීමටත් පෙර පොහොට්ටුවේ මැර පිරිස් තමන්ගේ කාර්යයන් ආරම්භ කරලා. මැතිවරණ කොමිෂන් සභාව අහෝසි කිරීමෙන් රට කොතකනකට ගමන් කරාවිදැයි සිතාගැනීමට පවා නොහැකියි.

ප්‍රජාතන්ත්‍රවාදය රැකදෙන්නැයි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කිරීමට විපක්ෂයටත් විපක්ෂ‍ නායකයාටත් ඇති අයිතිය සුරකින ලෙසටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එරාන් වික්‍රමරත්න සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද සිය අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට