සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මූඩීස් වාර්තාවට අනුව මෙරට ආර්ථිකය කඩාවැටේ, සමගි ජන බලවේගය අවධාරණය කරයි…

Podu මෙරට ආර්ථික ඉතා භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූඩීස් වාර්තාවේ සඳහන් වන බව අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අවධාරණය කරයි. මෙරට භාණ්ඩ මිල ඉතා විශාල ලෙස ඉහළ යමින් තිබෙන අතර ඒ අනුව නුදුරේදී අනිවාර්යයෙන්ම මෙරට ආර්ථිකය කඩාවැටෙනු ඇති බැවින් බලාපොරොත්තු වූ සහන කිසිවක් ජනතාවට නොලැබෙනු ඇතැයි කණගාටුවෙන් වුව ද පැවසීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියි. විවාහ වන තරුණ තරුණියන් හට අනිවාර්යයෙන්ම රැකියා ලබාදෙන්නේ යැයි අග්‍රාමාත්‍යවරයා විසින් ද රැකියා ලක්‍ෂ 10 ක් ලබාදෙන බව ජනාධිපතිවරයා විසින් ද පැවසුව ද එවැනි සූදානමක් ඇතැයි මෙතෙක් දක්නට නොමැති බවත් සිය පාක්‍ෂිකයන් මෙන්ම හිතවතුන්ට ඉඩම් ලබාදුන් ලෙසටම පොහොට්ටුවේ පිරිස් වෙත පමණක් රැකියා ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට සමගි ජන බලවේගය විසින් චෝදනා කරනු ලබයි.

ජනාධිපතිවරයාට අහිමි කරවන ලද බලය යළි තමන් වෙත යළි ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උත්සාහ කරමින් සිටින අතර එය අධිබලැති විධායක ජනාධිපතිධූරයක් බිහිකරගැනීමේ උත්සාහයක් බවත් ඒ අනුව රටේ ඉහළ තනතුරු සියල්ලටම පාහේ පුද්ගලයින් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇති බවත් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට රටේ ඉහළ තනතුරුවලට පත්වීමට මෙන්ම දේශපාලනයට පැමිණීමට අවස්ථාව ලබාදීම හරහා පාර්ලිමේන්තුවට මෙන්ම ජනාධිපතිධූරයට පවා පත්වීමේ අවස්ථාව බැසිල් රාජපක්‍ෂ මහතාට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් 20 වන සංශෝධනය ගෙන ඒමට විරුද්ධ විය යුතු බව සදහන් කරයි.

ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි දමිළ ඩයස්පෝරාවේ අයෙකුට වුව ද මෙරට පාර්ලිමේන්තුවට පත්විය හැකි බැවින් එය රට බරපතල අනතුරක් කරා ගෙනයාමක් ලෙස හැඳින්විය හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරධනය කරනු ලබයි.

මෙම මාධ්‍ය හමුව සදහා තාරක නානයක්කාර භාග්‍ය සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ද සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට