සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඳිරි නීතිය කඩ කළ 10 දෙනෙකු අත්අඩංගුවට ..

Podu දැනට තිබෙන තත්ත්වය තුළ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ වන විට වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වන පොලිස් බල ප්‍රදේශවලට පැනවු ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වේ. මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමග ඊයේ (04) දහවල් සිට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවිමට තීරණය කරන ලදි. අද දිනයේ සිදුකරනු ලබන විශ්ලේෂණ අනුව, කෙරෝනා වෛරසයේ ව්‍යාප්තියක් වාර්තා වුවහොත් වෙනත් පළාත්වලට ද ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව ඒ මහතා පවසයි.  ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද සඳහන් කළ ඒ මහතා, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා වාහනවලින් ගමන් කළ හැකි වුවත් එම ප්‍රදේශවලදී වාහන නතර කිරීම් කළ නොහැකි බව ද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට