ඇඟලුම් සේවකයින් 1400ක පී.සී.ආර් පරීක්ෂණ අද ..
දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ අතර ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1400කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ අද (05) සිදුකිරීමට නියමිතව ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අදාළ කාන්තාවගේ සැමියාගේ සහ පුතුන් දෙදෙනාගේ තවත් පී.සී.ආර් පරික්ෂණයක් ද අද සිදුකිරීමට නියමිතය.